Sri Lanka
හලාවත - කන්ජික්කුලිය ශාන්ත බෙනඩික්ට් මහා විද්‍යාලයට රෝමාණු කතෝලික පුජකවරයෙකු හෝ පැවිදි කන්‍යා සොයුරියක් ඉල්ලා උද්ඝෝෂණයක්.
2025-11-17 03:12 PM

හලාවත - කන්ජික්කුලිය ශාන්ත බෙනඩික්ට් මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස රෝමාණු කතෝලික පුජකවරයෙකු හෝ පැවිදි කන්‍යා සොයුරියක් පත් කරන ලෙස ඉල්ලමින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඉකුත් 16 වැනිදා හලාවත නගරයේදී පැවැත්වුණි.

කතෝලික පුජක තුමන්ලා,කන්‍යා සොයුරියන් සහ දෙමව්පියන් විශාල පිරිසක්ද මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටියේය.

හලාවත කාර්මේල් මාතා දේවස්ථානයට එක් වූ පිරිස වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක්ද පළමුව පැවැත්වුණි.අනතුරුව පිරිස හලාවත නගරය තුළට පැමිණ උද්ඝෝෂණයේ නිරත විය.

වසර 118 ක් පැරණි කන්ජික්කුලිය ශාන්ත බෙනඩික්ට් මහා විද්‍යාලය තුළ මේ දක්වා සේවය කර ඇත්තේ කතෝලික පුජක තුමන්ලා සහ කන්‍යා සොයුරියන් පමණක් බවද උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස කියා සිටියේය.විද්‍යාලයේ විදුහල්පති තනතුරේ වැඩ බැලීම කන්‍යා සොයුරියක් විසින් සිදු කරමින් සිටින විට ශ්‍රේණිධාරී අන්‍යාගමික විදුහල්පතිවරයෙකු පත් කිරීමට බලධාරීන් කටයුතු කිරීම තුළින් අනවශ්‍ය ගැටළුවක් නිර්මාණය වී ඇති බවද උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස කියා සිටියේය.

පවතින තත්ත්වයට ඇති එකම විසදුම වන්නේ මෙම විද්‍යාලයට කතෝලික පුජකවරයෙකු හෝ කන්‍යා සොයුරියක් විදුහල්පතිවරයා ලෙස පත් කිරීම පමණක් බවද විරෝධතාකරුවන් කියා සිටියේය.

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට