Sri Lanka
රට වටා ජනමාධ්‍යවේදීන්ගේ මේ වසරේ අවසන් විධායක සභාව අලුත්ගමදි සාර්ථිකව අවසන්
2025-11-17 10:57 AM
රට වටා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මේ වසරේ අවසන් කාර්තුවේ පැවැත්වූ ආගමික වැඩසටහන ඉකුත් සෙනසුරාදා අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරය කේන්ද්‍රකර විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කය හා බෙන්තර වළල්ලාව්ට කෝරළේ ප්‍රධාන සංඝනායක ඇමරිකාවේ පොරීඩා, බෞද්ධ මධ්‍යස්ථාන උභය විහාරාධිපති කොක්කා විටවිපුලසාර නාහිමියන්ගේ සහ කන්දේ විහාරස්ථ ක්ෂේත්‍රාරාම මහා පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත දාපනේ මහින්ද යන හිමිවරුන්ගේ අනුශාසනා මත සිදු කළහ.

මෙම ආගමික වැඩසටහන මගින් මාධ්‍ය ක්ෂේත්‍රයට අගනා මෙහෙවරක් කළ මියගිය මාධ්‍යවේදීන්ට මෙන්ම මේ වන විටත් ගිලන්ව සිටින මාධ්‍ය සහෘදයන්ටත් එම පවුල්වල අයටත් ආශිර්වාදය හා සෙත් ප්‍රාර්ථනා කිරීම අරමුණු කර ගෙන සිදුකළ මෙම වැඩසටහන රට වටා ජනමාධ්‍යවේදියෝ සගංමයේ කළුතර දිස්ත්‍රික් විධායක සභික ජනමාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතා විසින් සංවිධානය කර තිබූණි.
පසු දින ඉරිදා පැවති රට වඩා ජනමාධ්‍යවේදීන්ගේ විධායක හමුවද අලුත්ගම කලුවාමෝදර නෙතු විලා සංචාරකනිකේතනයේදී සාර්ථකව පැවැත්ව්න. එදින සංගමයේ ලියාපදිංචි වි ඇති මාධ්‍යවේදින් ඔන්ලයින් ක්‍රමයක් ඔස්සේ සිදු කරන මාසික ගෙවිම් මෙන්ම පරිත්‍යාග ඔවුන්ට දැනගත යුතු තොරතුරු යනආදිය දැන ගැනීම වෙනුවෙන් පහසුවෙන් ඔවුන්ට පරිශීලනය කර හැකි යෙදවුමක්ද මෙහිදි හදුන්වා දුන් අතර එම කටයුත්ත කෑගල්ල විධායක සභික සමන් විජය බණ්ඩාර මහතා විසින් හදුන්වා දීම සිදු කරන ලදි.
රට වටා ජනමාධ්‍යවේදීයො සංවිධානය නියෝජනය කරමින් වවුනියාව, කුරුණෑගල, කෑගල්ල, පුත්තලම, රත්නපුර, ගාල්ල, කොළඹ මාතලේ, කළුතර දිස්ත්‍රික්කවල එහි නිලමඩුල්ල හා විධායක සභිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට