Sri Lanka
කල්පිටියේ මත් පෙති සහ අයිස් මත් කුඩු සමග තිදෙනෙකු අත්අඩංගුවට.
2025-11-15 04:15 PM

මත් පෙති සහ අයිස් මත් කුඩු ජාවාරමේ නිරත ව පුද්ගලයින් තිදෙනෙකුව කල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 14 වැනිදා කල්පිටිය - අල්මන්නාරම,පුදුකුඩිරිප්පුව සහ කන්දකුලිය ප්‍රදේශ වලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

කල්පිටිය - අල්මන්නාරම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී ඔහු සතුව තිබී මත් පෙති 800 අඩංගු කාඩ් පත් 8 ක් පොලිස් බාරයට ගෙන ඇත.අනතුරුව කල්පිටිය - පුදුකුඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු සතුව තිබී මත් පෙති 200 ක් අඩංගු කාඩ් පත් 02 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.ඉන්දියාවේ සිට හොර රහසේ මෙරටට ගෙනවිත් ඇති මත් පෙති සහිත කාඩ් පතක් රුපියල් 2000 බැගින් වූ මිලකට සැකකරුවන් විසින් අලවි කර ඇති බව වැටලීම කළ නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

මත් පෙති සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ අතර,කන්දකුලිය ප්‍රදේශය තුළ අයිස් මත් ද්‍රව්‍ය ජාවාරම් කළ 49 හැවිරිදි පුද්ගලයෙකුවද කල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු සතුව තිබී අයිස් මත් කුඩු මිලි ග්‍රෑම් 2300 ක් පොලිස් බාරයට ගෙන ඇත.එම සැකකරුව රදවා ගෙන ප්‍රශ්ණ කිරීමට නියමිතව ඇත.

කල්පිටිය පොලීසියේ පොලිස් සැරයන් 60959 ඉන්දික මහතාට ලද තොරතුරක් අනුව අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේලාල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.


ජුඩ් සමන්ත

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට