පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ පෙරවරු කාර්යාලීය දුම්රිය 13 වැනිදා වයික්කාල සහ කොච්චිකඩේ දුම්රිය ස්ථාන අතරදී කාර්මික දෝෂයකට ලක් වීමෙන් එහි ගමන් කළ මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
අළුයම 4.00 ට පුත්තලමෙන් ගමන් ආරම්භ කරන මෙම කාර්යාලීය දුම්රිය “බංගෙ” නමින් හදුන්වති.
පෙරවරු 7.00 ට පමණ වයික්කාල සහ කොචිචකඩේ අතරදී එම දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇත.දුම්රිය කාර්මික දෝෂකයට ලක්ව ඇත්තේ කොච්චිකඩේ - මාඔය පාලම මතදී බවද මගීන් කියා සිටියේය.දුම්රිය කාර්මික දෝෂයට ලක්වූ
ස්ථානයේ ස්වභාවය අනුව ඉන් බිමට බැසීමටවත් තමන්ට නොහැකි වූ බවත්,එම නිසා පැයක පමණ කාලයක් තමන් දුම්රිය මැදිරි තුළ සිරකරුවන් වූ බවද මගීන් සදහන් කළේය.
පෙරවරු 8.10 ට පමණ හලාවත සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බලවේග කට්ටල දුම්රියකින් නැවතී තිබූ කාර්යාලීය දුම්රිය කොච්චිකඩේ දුම්රිය ස්ථානය දක්වා තල්ලු කරගෙන රැගෙන ගොස් ඇත.පසුව කාර්යාලීය දුම්රියේ පැමිණ මගීන් බලවේග කට්ටල දුම්රියෙන් කොළඹ කොටුව දක්වා පිටත් කර යැවීමට කොච්චිකඩේ දුම්රිය ස්ථානයේ සේවකයින් කටයුතු කර ඇත.
පුත්තලම - කොළඹ කාර්යාල දුම්රිය මෑතක සිට පරණ එන්ජිමක් සවි කර ඇති බවත්,එම එන්ජිම පසුගිය දින කීපය තුළ අවස්ථා කීපයකදීම කාර්මික දෝෂයන්ට ලක්වූ බවද මගීන් සදහන් කරයි.
මෙම හේතුවෙන් පෙරවරුවේ නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ බවද මගීන් සදහන් කරයි.
ජුඩ් සමන්ත
තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට