2025 වසරේ මේ දක්වා දකුණු කොරියාවේ රැකියාවන් සදහා මෙරට තරුණ තරුණියන් 3469 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.
E - වීසා කාණ්ඩය යටතේ මෙරට තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථාවන් හිමිවී ඇත.රැකියා
අපේක්ෂිතයින් තෝරා ගැනීම මාර්ගස්ථ ක්‍රමයටත්,ඔවුන් සදහා වන විභාග පරිඝණක ආශ්‍රිතව පමණක් සිදු කරන බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.ඒ අනුව දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබා ගැනීමේදී කිසිදු බාහිර පුද්ගලයෙකුට බලපෑම් සිදු කිරීමට හැකියාවක් නොමැති බවද එම කාර්යංශය වැඩිදුරටත් සදහන් කරයි.
ඒ අනුව 2025 වසරේ ගෙවී ගිය කාලය තුළ ධීවර අංශයේ රැකියාවන් සදහා 836 දෙනෙකු,නිෂ්පාදන අංශයේ රැකියාවන් සදහා 2512 දෙනෙකු,ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවන් සදහා 28 දෙනෙකු,සේවා අංශයේ රැකියාවන් සදහා 32 කු සහ කෘෂිකර්ම අංශයේ රැකියාවන් සදහා දෙදෙනෙකුද පිටත්ව ගොස් ඇත.
දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ 77 දෙනෙකු ඉකුත් 11 වෙනිදා එරට බලා පිටත්ව ගියේය.එම කණ්ඩායමට තරුණියන් දෙදෙනෙකුද අයත්වීම විශේෂත්වයකි.
දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව යන මෙරට
තරුණ තරුණියන්ට එරට වසර 4 යි මාස 10 ක කාලයක් රැදී සිටීමට අවස්ථාව උදාවන බවත්,අවශ්‍ය
වන්නේ නම් ඔවුන්ට නැවතත් එරට රැකියාවන් කිරීමට හැකි බවද විදේශ සේවා නියුත්ති
කාර්යංශය සදහන් කරයි.
ජුඩ් සමන්ත
තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට