මහ මුහුදේදී අනතුරට පත්වන ශ්‍රී ලාංකික
ධීවරයින්ගේ ජීවිත හානි වළක්වා ගැනීම සදහා ඉන්දියාණු අභ්‍යාවකාෂ පර්යේෂණ මධ්‍යස්ථානයේ
සහාය ලබා දෙන ලෙස පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු
මහතා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් වන ඉල්ලීම් සහිත ලිපිය
පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා විසින් ඉන්දීය මහා කොමසාරිස්
සන්තෝෂ් ජා මහතා වෙත පසුගියදා බාර දෙන ලදි.ඒ මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස්
කාර්යාලයේදීය.
තමන් විසින් කරන ලද ඉල්ලීම පිළිබදව පුත්තලම
දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
පසුගිය ජුනි මාසයේදී මෙරට තරුණ දේශපාලන නායකයින් පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරත වුණා.එහිදී අපට හැකියාව ලැබුණා ඉන්දියාවේ බැංගලෝරයේ පිහිටි අභ්‍යාවකාෂ පර්යේෂණ මධ්‍යස්ථානය නැරඹීමට.එම අවස්ථාවේදී අපට දැන ගන්නට ලැබුනේ අභ්‍යාවකාශ තරණයට අමතරව මුහුදේදී අනතුරට පත්වන ධීවරයින්ට සහාය වීමේ ක්‍රමවේදයක්ද මෙම අභ්‍යාවකාෂ පර්යේෂණ මධ්‍යස්ථානය තුළින් ක්‍රියාත්මක වන බවයි.මහ මුහුදේදී සිදුවන අපදාවන් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ වැළැක්වීම සදහා යොදා ගන්නා Distress Alert transmitter - Second Generation පද්ධතිය
ඔවුන් සාර්ථකව යොදා ගන්නා බවත් එහිදී දැන ගන්න ලැබුණා.
අපේ ධීවරයින්ද මුහුද මැදදී විවිධ අනතුරු වලට
මුහුණ දුන් අවස්ථාවන් පසුගිය කාලයේ අපිට අසන්නට ලැබුණා.එවැනි අවස්ථාවක අපේ
ධීවරයින්ට පිහිට වෙන්න කිසිම කෙනෙක් නෑ.ඒ නිසා මම අදහස් කලා ඉන්දියාණු රජයෙන්
ඉල්ලීමක් කරන්න ඔවුන් දැනට ඉතාමත්ම සාර්ථකව පවත්වා ගෙන යන එම චන්ද්‍රිකා තාක්ෂණ
සහාය අපිටත් ලබා දෙන්න කියලා.ඒ අනුව තමයි මම මේ ඉල්ලීම කළේ.එමෙන්ම මුහුදු මසුන්
බහුලව සිටින ස්ථාන සොයා ගැනීම සදහා ඉන්දියාව භාවිතා කරන NAVIC තාක්ෂණික
මෘදුකාංගය මෙරට ධීවරයින් සදහා හදුන්වා දෙන ලෙසද මම ඉල්ලීමක් කලා.
කියන්න සතුටුයි මගේ ඉල්ලීම් දෙකටම ඉන්දියාණූ
මහා කොමසාරිස්වරයාගේ සාර්ථක ප්‍රතිචාරයන් ලැබුණු බව.
තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට