අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 11040 ක්
යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකුව ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරීන්
විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 09 වෙනිදා ආරච්චිකට්ටුව නගරයේදී මෙම
අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අයිස් මත් ද්‍රව්‍ය සමග පොලීසිය විසින්
අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම - බත්තුළුඔය පදිංචිකරුවෙකුවය.සැකකරු අයිස් මත් ද්‍රව්‍ය
ප්‍රවාහනය සදහා යොදා ගත් යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත.
යතුරු පැදියකින් මත් කුඩු ප්‍රවාහනය කරන
පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලද තොරතුක් මත සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව සැකකරුව
අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ආරච්චිකට්ටුව පෙලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන
යයි.
ජුඩ් සමන්ත
තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට