Sri Lanka
දැඩි ලෙස අබලන් වී ඇති කෙච්චි පෙට්ටි පාලම.
2025-11-10 05:46 PM

හැමිල්ටන් ඇල හරහා වෙන්නප්පුව - සින්ද්‍රාත්‍රිය ප්‍රදේශයේදී යොදා ඇති කෙච්චි පෙට්ටි පාලම වසර ගනනාවකින් ප්‍රතිසංස්කරණය කර නොමැති වීම නිසා දැඩි ලෙස අබලන් වී ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

ඕලන්ද යුගයේදී හැමිල්ටන් ඇල ස්ථානය කරන විට මෙම පාලම යොදා ඇත. සින්දාත්‍රිය සහ නයිනමඩම ගම්මාන යා කරන මෙම පාලම කාලයක සිට අබලන් වන්නට පටන් ගෙන ඇත.මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කරුණු හෙලි කළ විට සුළු පැලැස්තරයක් පමණක් යොදන්නට බලධාරීන් කටයුතු කිරීම කනගාටුවට කරුණක් වී ඇත.

දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් මෙම පාලම මතින් වාහන කෙසේ වෙතත් පා ගමනින් හෝ ගමන් කිරීම අනතුරුදායක බවද ගම්වාසීන් කියා සිටී.වැසි කාලයේදී හැමිලටන් ඇල උතුරා යන සෑම අවස්ථාවකදීම පාලම අබලන් වීම වැඩි වන නමුත් ඒ පිළිබදව හෝ වගකිව යුත්තන් තම අවදානය යොමු කර ඇති බවක් දක්නට නැත.

හැමිල්ටන් ඇල සංවර්ධනය කර සංචාරක ප්‍රවර්ධනය සදහා යොදා ගැනීමේ වැඩ සටහනක් රජය විසින් මේ වන විට ආරම්භ කර ඇත.එම වැඩ සටහන යටතේ හෝ සින්දාත්‍රිය කෝච්චි පෙට්ටි පාලම ප්‍රතිසංස්කරණය කරන්නේ නම් ඉතාමත්ම වැදගත් බවද ප්‍රදේශවාසීන් කියා සිටී.

ජුඩ් සමන්ත

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට