Sri Lanka
ගවයන්ට වෙන් වුන හලාවත වට රවුම.
2025-11-10 05:43 PM

හලාවත නගර මධ්‍යයේ ඇති වට රවුම අයාලේ යන ගවයින්ගේ ලැගුම් හලක් බවට පත්ව ඇති ආකාරයක් දක්නට ඇත.

හලාවත නගර මධ්‍යයේ ඉදි කර ඇති හෝරස්ථම්භය මැදි වන ලෙස මෙම වටරවුම නිර්මාණය කර ඇත.එම වටරවුම තුළ නගර වැසියෙකු විසින් ස්වෙච්ඡාවෙන් මල් පැල රෝපණය කර ඒවාට සාත්තු කර ඇත්තේ නගරයේ අලංකාරය වැඩි කිරීම සදහාය.මෙම වට රවුමට ආරක්ෂාව සදහා ස්ථාපනය කර තිබූ ආරක්ෂිත වැටද මෑතකදී ගලවා දමා ඇත.

මෙම තත්ත්වය නිසා කිසිදු බාධාවකින් තොරව අයාලේ යන ගවයින් වටරවුම අරක්ගෙන ඇති ආකාරයක් දක්නට ඇත.

වටරවුම තුළ අලංකාරය සදහා සරුවට වගා කර තිබූ මල් ගස් අයාලේ යන ගවයින් විසින් කාදමා විනාශ කර ඇති ආකාරයක්ද දක්නට ඇත.එම ගවයින් විසින් මල මුත්‍රා පහ කිරීම හේතුවෙන් වටරවුම සීඝ්‍රයෙන් අවලක්ෂණ වෙමින් පවතින බවද නගර වැසියෝ සදහන් කරති.

අයාලේ යන මෙම ගව රැළ රාත්‍රී කාලයේ හලාවත නගරය අරක්ගෙන ඇති ආකාරයක්ද පසුගිය දිනවල දක්නට ලැබුණි.නමුත් මෑතක සිට දිවා කාලයේද නගරය තුළ ගවයින් සැරි සරණ නමුත් හලාවත නගර සභාව ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර ඇති ආකායක් දක්නට ඇත.

අයාලේ යන ගවයින් හේතුවෙන් නගරයට අවලක්ෂණක් එකතු කරනවා මෙන්ම හදිසි අනතුරුද නිරන්තර සිදු වන බව නගර වැසියන් සදහන් කරයි.


ජුඩ් සමන්ත


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට