මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ
සාත්තු සේවය සදහා මෙරට ශ්‍රමිකයින් 633 කු පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති
කාර්යංශය සදහන් කරයි.
විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ
පීබා (PIBA) ආයතනය සමග
ඇති කර ගෙන ඇති අවබෝධතා ගිවිසුමකට අනුව මෙරට ශ්‍රමිකයින්ට එරට නිවාස පාදක සාත්තු
සේවයේ රැකියා අවස්ථා උදාවී ඇත.තෝරා ගන්නා මෙරට ශ්‍රමිකයින්ට විධිමත් වෘත්තීය
පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව ඊශ්‍රායලයට පිටත්ව යාමට අවස්ථාව ලබා උදාවන බව විදේශ
සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.
මෙම මස 10 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට
නියමිත මෙරට ශ්‍රමිකයින් 17 දෙනෙකු සදහා ගුවන් ටිකට් පත් බාර දීම ඉකුත් 06 වැනිදා
විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී සිදු කරන ලදි.එම අවස්ථාවට විදේශ සේවා
නියුක්ති කාර්යංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියේය.
ඊශ්‍රායලයේ සාත්තු සේවා ආශ්‍රිත රැකියා
හිමිවන්නේ එරට සමග ඇති කරගෙන ඇති ගිවිසුකමට අනුව වන බැවින් ඒ සදහා අයදුම්කරන්නන්
සෘජුවම සම්බන්ධ විය යුත්තේ විදේශ සේවා නියුක්ති කාර්යංශය සමග පමණක් බවත් එම
කාර්යංශය සදහන් කරයි.
ජුඩ් සමන්ත
තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට