කඩා වැටුණු නිවසක බිත්තියකට යටවීමෙන්
ගෙහිමියාට බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත්තේ
ආඩිගම - මොහොරිය පදිංචිකරුවෙකු වන රසික ප්‍රියංකර නම් තිදරු පියෙකි.
ඉකුත් 08 වැනිදා සවස මෙම අනතුර සිදුවී
තිබුණි.
රෝහල් ගත කර ඇති අය තම බිරිද සහ දරුවන්
තිදෙනාද සමග අබලන් නිවසක වාසය කර ඇත.ස්ථීර ආදායම් මාර්ගයක් නොමැති වීම හේතුවෙන්
පදිංචි නිවස අළුත් වැඩියා කර ගැනීමට ඔවුන්ට හැකියාවක් තිබී නැත.අබලන් වී ඇති එම
නිවස අළුත්වැඩියා කර දෙන ලෙස ප්‍රදේශවාසීන් අවස්ථා කීපයකදීම මහකුඹුක්කඩවල ප්‍රාදේශීය
ලේකම්වරියට සහ එම කාර්යාලයේ සමෘද්ධි අංශයෙන් ඉල්ලීම් කර ඇත. එම ඉල්ලීම් ඉටුවූවා
නම් මෙවන් අනතුරක් සිදු නොවන බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.
රෝහල් ගත කර ඇති අයගේ අස්ථි කීපයක් බිදී ඇති
බව හලාවත මහා රෝහලේ වෛද්‍යවරුන් සදහන් කරයි.
ජුඩ් සමන්ත
තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට