Sri Lanka
සෙම්බන්දළුව ප්‍රදේශයේ ඉඩමක තිබී ජීව අත්බෝම්බ කොටස් පොලිසිය සොයා ගනි
2025-11-08 05:57 PM
පුත්තලම - සෙම්බන්දළුව ප්‍රදේශයේ ඉඩමක තිබී ජීව අත්බෝම්බ දෙකක කොටස් කීපයක් හමුවී ඇති බව පොලීසිය සදහන් කරයි.

පොලිස් හදිසි ඇමතුම් (119) අංශයට ලද තොරතුරක් අනුව සිදු කරන ලද විමර්ශණයකදී එම ජීව අත්බෝම්බ කොටස් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෙම ජීව අත්බෝම්බ කොටස් තිබූ ඉඩමේ මීට වසර කීපයකට පෙර ප්ලොට් සංවිධානයේ කදවුරක් පවත්වා ගෙන ගොස් ඇති බවත්,එම ස්ථානයට යුධ හමුදා ආරක්ෂාව ලබා දී තිබී ඇති බවත් පොලිස් විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

හමුවී ඇති බෝම්බ කොටස් වැඩි දුර විමර්ශණ කටයුතු සදහා විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරට බාර දීමට කටයුතු කර ඇත.
ජුඩි සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට