Sri Lanka
පොලිස් කොට්ඨාස 7ක අපරාධ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉහළට
2025-11-08 04:03 PM
සංවිධානාත්මක අපරාධ කල්ලි සහ සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා බහුල වශයෙන් සිදුවන පොලිස් කොට්ඨාස හතක් හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ මෙම පොලිස් කොට්ඨාස පිහිටා තිබෙන බවද අමාත්‍යවරයා පවසනවා.

බස්නාහිර පළාතේ කොළඹ උතුර, නුගේගොඩ සහ ගම්පහත්, දකුණු පළාතේ ඇල්පිටිය, තංගල්ල, ගාල්ල, මාතර ලෙස නම් කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදී රජීවන් ජෙයචන්දමූර්ති මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බුද්ධි නිලධාරින් සහ ඔත්තුකරුවන් මාර්ගයෙන් ද මෙම අපරාධකරුවන් ගැන තොරතුරු ලබා ගනිමින් සිටින බවයි.

පාතාල කල්ලි සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිගින් දිගටම මෙහෙයුම් සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.

තවද මෙම ප්‍රදේශවලට වැඩිපුර පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර අපරාධකරුවන් පලා යෑමේදී අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ යතුරුපැදි කණ්ඩායම්ද යොදවා ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මීට අමතරව පාතාල අපරාධකරුවන් මැඬලීම සඳහා පරීක්ෂා කිරීම් ඇතුළු අහඹු ලෙස සෝදිසි මෙහෙයුම් දිගටම සිදුකෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ වගේම පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීති විරෝධීව උපයා ගත් දේපළ ගැනද තොරතුරු සොයා යන බවත් එම දේපළවලටද එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මීට අමතරව රජීවන් මන්ත්‍රීවරයා කියා සිටියේ යාපනය ප්‍රදේශයේ මෑත කාලයේදී පාතාල කල්ලි හිස ඔසවා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන්ද ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යාපනය ප්‍රදේශයේ එම අපරාධ කල්හි මැඩලීමට දැඩි ලෙස අවධානය යොමු කර අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින බවයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට