ජුඩ් සමන්ත
නිසි පරිදි නඩත්තු නොකිරීම සහ අවිධිමත් ලෙස කැලි කසල බැහැර කිරීම හේතුවෙන් සාලියවැව මංසන්ධියේ ඇති බස් නැවතුම් පල විනාශයට පත්
වෙමින් ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.
මෙම බස් නැවතුම් පලේ ඇති වැසිකිළිය සහ කැසිකිළිය නඩත්තු නොකිරීම හේතුවෙන් එය භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී
ඇත.භාවිතයට ගැනීමට නොහැකි වීම නිසා ඇතමුන් තම ශරීර අවශ්‍යතාවයන් බස් නැවතුම් පල අවට සිදු කරන බවක් දක්නට ඇති බවද ප්‍රදේශවාසීන් කියයි.මෙම වැසිකිළිය සාලියවැව ප්‍රදේශයට ඇති එකම පොදු වැසිකිළිය වීමද විශේෂත්වයකි.
කොළඹ - යාපනය අතර ධාවනය වන දුර ගමන් සේවා බස් රථ අනිවාර්යෙන්ම සාලියවැව බස් නැවතුම්පල තුළ නවත්වන නමුත් මගීන්ගේ පුද්ගලික
අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමට මෙම තත්ත්වය නිසා නොහැකි වී ඇත. එමෙන්ම සාලියවැව තැපැල් කාර්යාලය සහ මහජන පුස්තකාලය පිහිටා ඇත්තේම බස් නැවතුම් පල භූමියේමය.එම ආයතන වලින් සේවා ලබා ගන්නට පැමිනෙන ජනතාවද මෙම තත්ත්වය නිසා දැඩි අපහසුතාවයකට පත් වන බවද ප්‍රදේශවාසීන් කියා සිටී.
භූමියද කැලි කසල මුදා හරින ස්ථානයක් බවට පත්ව ඇති ආකාරයක් දක්නට ඇත.බස් නැවතුම් පල පුරාම දක්නට ඇත්තේ තැන තැන බුලත් කෙල ගසා ඇති ආකාරයයි.බස් නැවතුම් පල තුළ වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් කාර්යාලයක්ද පවත්වා ගෙන යන බවක්ද
දක්නට ඇත.
සාලියවැව බස් නැවතුම් පල පාලනය කරණු ලබන්නේ කරුවලගස්වැව ප්‍රදේශීය සභාව විසිනි.මෙම බස් නැවතුම් පල කිසියම් හේතුවකට ප්‍රාදේශීය
සභාව අතහැර දමා තිබේද යන සැකය ඇති බවද ප්‍රදේශවාසීන් කියා සිටී.
ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිළි හේතුවෙන් සාලියවැව මහජන සෞඛ්‍ය පරීක්ෂක නීල් ජයසිංහ මහතා මෙම බස් නැවතුම්පල කිරීක්ෂණය
කිරීමක්ද සිදු කරන ලදි.