Sri Lanka
දේශීය මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට දැඩි තර්ජනයක්
2025-11-07 06:01 AM
ජුඩ් සමන්ත

දේශීය මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට දැඩි තර්ජනයක් බවට හදුනා ගෙන ඇති දැදුරු නයා කරවල බවට පත් කර අලවි කිරීම තුළින් විශාල ආදායමක් ලැබිය හැකි බව ධීවරයින් සදහන් කරයි.

නමින්හදුන්වන මෙම මත්ස්‍යා මෙරටට ගෙනවිත් ඇත්තේ විසිතුරු මත්ස්‍යයෙකු ලෙස බවට හදුනා ගෙන ඇත.සාමාන්‍ය මිරිදිය මත්ස්‍යයින් ශාඛ කොටස් ආහාරයට ගත්තත් මෙම මත්ස්‍යා සම්පූර්ණයෙන්ම මාශ භක්ෂිකයෙකු ලෙස හදුනා ගෙන ඇත.

නිවසේ ඇති දැඩි කළ මෙම මත්ස්‍යයෙකු මාංශ භෂිකයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසුව එම සතාව ඝාතනය නොකර කිසියම් අයෙකු විසින් දැදුරුඔයට මුදා මරින්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි ජල ජීවී නිලධාරීන්ගේ මතය වී ඇත.

ජලාශ සහ වැව් වල මසුන් මැරීම සදහා යොදා ගන්නේ සාමාන්‍ය දැල් යෙදීම සහ බිලී බෑමය.නමුත් මෙම මත්ස්‍ය දැල් වල පැටලීමක් සිදු නොවීමත් සාමාන්‍ය බිලි පිති වලට හසු නොවීමත් නිසා කාලයක් නිදහසේ වාසය කර ඇති බවට අනුමාන කරයි.දැලකට පැටළුනත් මේ මාළුවා ඒම දැල ඉරා ගෙන පලා යන බවද ධීවරයින් සදහන් කරයි.

ඔය මාළුවා මම තමයි මුලින්ම අල්ලා ගත්තේ. ඒ මීට අවුරුදු 02 කට විතර කලින්.මීට කලින් දැකලා නැති අමුතු ජාතියේ මාළුවෙක්.ආහාරයට ගන්නත් බයයි.ඒ නිසා දවස් කීපයක්ම ශීතකරණයේ තියා ගෙන හිටියා.ඒ අතර තුර තමයි මාළුාගේ විස්තර හොයා ගන්න පුළුවන් වුනේ.දැදුරු නයාගේ පළමු දඩයම්කරු වන වාරියපොල, වල්පාළුව ධීවර තොටුපලේදී හමුවූ ධීවරයෙකු කියා සිටියේය.


ජජ්ජර නදිය ධීවර සංවිධානයේ වල්පාළුව තොටුපලේ බාරකරු වන එච්.රංජිත් කුමාර මහතාද අප සමග විස්තර කථා කළේය.

දැන් ඉතිං මේ කරදරය අපිට ඇවිත් ඉවරයි.දැන් අපි විසදුමක් සොයනවා වගේම ලැබුණු දුක් පැණි රසයි කියලා මේ මාළුවාගෙන් ආදායමක් ලබන්නේ කොහොමද කියලා සොයා බැලීමයි කළ යුතු වන්නේ.මේ මාළුවා වසරකට බිත්තර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මුදා හරිනවා.අපි කරපු අධ්‍යයනය අනුව වසරකට දෙවතාවක් හෝ තුන් වතාවක් මාළුවා බිත්තර දානවා.මේ මාළු බිත්තර දාන්න පෙර ඉව්රු ආශ්‍රිතව කුඩා ප්‍රමාණයේ කූඩු හදලා තියනවා අපි දැකලා තියනවා.බිත්තර ආරක්ෂා කරන්නේ අම්මයි - තාත්තයි දෙන්නම එකතු වෙලා.හැබැයි බිහි වුනාට පස්සේ දරුවන්ව ආරක්ෂා කරන්නේ අම්මා පමණයි. ඒ අතරින් එක වතාවකට ගැණූ සතෙක් අඩුම තරමින් පැටවුන් 50,000 ක් පමණ ජලාශ වලට එක් කරන බවයි අපේ අත්දැකීම් අනුව කියන්න පුළුවන් වෙන්නේ.

මේ සතා කුඩා කාලයේ ඉදලම රංචු වශයෙන් තමයි ජීවත් වෙන්නේ.ඒ මාළු රංචුවකට වැව් වල ඉන්න කුඩා මාළු කොටු වුනොත් ඒක සතෙක් වත් ඉතුරු වෙන්නේ නෑ.ඒ විතරයි නෙමෙයි ලොකු සත්තුන්ට හසු වෙන ඔනම ප්‍රමාණයක මාළුවෙකුව දෙකට කඩලා ආහාරයට ගන්නවා.

විය යුතු දේ දැන් සිදු වෙලා අවසානයි.මේ මාළුවාව විනාශ කරන එක පහසු වැඩක් නෙමෙයි.මේ මාළුවා ආහාරයට ගැනීමේ කිසිදු ගැටළුවක් නෑ.මොකද ලූල්විශේෂයක් නිසා ගුණාත්මක තත්ත්වයෙන්ද ඉහළයි.නමුත් නයා කියලා කොටසක් නමේ අගට තියන නිසා මිනිස්සු ආහාරයට ගන්න කැමති නෑ.නමුත් මේ මාළුන්ගේ කරවල වලට විශාල ඉල්ලුමක් තියනවා.අපේ ධීවරයෝ කරන්නේ මාළු අල්ල ගෙන ගිහිං දුම් කරවල බවට පත් කරලා අලවි කරන එකයි

නිකවැරටිය - මාගල්ඔය වැව,ආණමඩුව - ඉගිනිමිටිය,පුත්තලම -
තබ්බෝව සහ හලාවත - කරවිට යන ප්‍රධාන වැව් සහ කුඩා ප්‍රමාණයේ වැව් රාශියක් දැදුරුඔය ජලාශයෙන් පෝෂණය වේ.ජලය වැඩි වී දැදුරුඔය ජලාශය පිටාර ගලන විට මෙම මාළු විශේෂය පෙර සදහන් කර ඇති වැව් වලට සංක්‍රමණය විය හැකි බවද ධීවරයින් සදහන් කරයි.කිසියම් වැවක කොටසක් කා දමා ඇති මාළුවෙකු හමු වුවහොත් ඒ් සම්බන්ධයෙන් අවධානයක් යොමු කර විශේෂ සොයා බැලීමක් කළ යුතු බවද එම ධීවරයින් කියා සිටී.

දැදුරු නයා දුම් කරවල බවට පත් කරන ප්‍රධාතම ධීවරයා බවට පත්ව සිටින්නේ සංජීව කාරියවසම් මහතාය.

හෙතෙම මෙසේ කියා සිටියේය.

කරවල කිලෝ ග්‍රෑම් 01 ක් හදන්න අඩුම තරමින් මාළු කිලෝ ග්‍රෑම් 3 ක් පමණ අවශ්‍ය
වෙනවා.මමත් දැදුරුඔය ජලාශයේ බිලී බාලා මාළු අල්ලනවා.ඊට අමතරව අනිත් ධීවරයින්ගෙන් මිලදී ගැනීමත් කරනවා.එහෙම ගේන මාළු කපලා පිරිසිදු කරලා දුම් මැස්සේ වේලනවා.ඊට පසුව තමයි අලවි කිරීම කරන්නේ.ඇත්තම කියනවා නම් අපිට මේ කරවල වලට ලොකු ඉල්ලුමක් තියනවා.සැපයුම තමයි කරන්න බැරි.මේ මාළුවාව අල්ලන පිරිස වැඩි කිරීම කළ යුතුයි.ඒ් අයට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න අවශ්‍ය වෙනවා.මොකද මේ මාළු වර්ගය අල්ලන්න සාමාන්‍ය බිලී පිති වලින් බැහැ.ඒ සදහා මුහුදේ මාළු අල්ලන්න යොදා ගන්නා බිලී පිති අවශ්‍යයි.මේ බිලී පිති මිල වැඩියි.ඒ නිසා වැඩි දෙනෙක් මාළු අල්ලන්න කැමත්තක් දක්වන්නේ නෑ

දැදුරු නයා මේ වන විට මෙරට ආක්‍රමණය කර අවසන්ය.ජලාශ වල පැතිරී යමින් සිටින මේ මත්ස්‍යා අල්ලා ගැනීමත් අපහසු නම්,අල්ලා ගන්නා මත්ස්‍යයින්ටත් ඇත්තේ ලොකු ඉල්ලුමක් නම් ඉදිරියේ කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීම බලධාරීන්ගේ යුතු කම නොවන්නේද?

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට