Sri Lanka
දළඹු විශේෂයක් පැතිර යාම නිසා පාසලකට නිවාඩු දිලා
2025-11-07 05:55 AM
දළඹු විශේෂයක් පැතිර යාම හේතුවෙන් 07 වැනිදා සාලියවැව සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය නොපැවැත්වෙන බව පුත්තලම නැගෙනහිර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඒ.ආශ්කා මහත්මිය පැවසුවාය.

පාසලේ ඇති හල්මිල්ල ගස් කීපයක මුලින්ම දක්නට ලැබුණු දළඹු විශේෂය පසුව පාසලේ පන්ති කාමර වලට සහ ඒ අවට පැතිර යාමට පටන් ගෙන ඇත.

පාසලේ විදුහල්පතිනිය විසින් මේ බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත දැණුම් දීමට කටයුතු කර ඇත.අනතුරුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත පාසලට ගොස් පරීක්ෂා කර ඇති කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකාව තීරණය කර ඇත්තේ 07 වැනි දින පාසල නොපැවැත්වීමටය.

තුන්වන වාරය සදහා පාසල් නිවාඩු ලබා දීම 07 වැනිදා සිදු කිරීමට නියමිත බැවින් මෙම තත්ත්වය ගැටළුවක් නොවන බවත්,පාසල් නිවාඩු කාලයේදී පවතින තත්ත්වයට විසදුමක් ලබා ගැනීමට කටයුතු කරන බවද කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් කියා සිටියාය.
පැතිර යන දළඹු විශේෂය හේතුවෙන් පාසලේ දරුවන්ට කිසිදු ආසාධිත තත්ත්වයක් ඇති වී නොමැති බවද අප කළ විමසුමකදී විදුහල්පතිවරිය කියා සිටියාය.

ජුඩ් සමන්ත හලාවත

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට