මුහුදේ පා වී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කළ දෙදෙනෙකු මිය ගොස් ඇති බව නොරචෝලේ පොලීසිය කියයි.
28 වෙනිදා රාත්‍ර්‍රියේ එක් අයෙකු මිය ගොස් ඇති අතර 29 වෙනිදා අළුයම අනෙක් පුද්ගලයා මිය ගොස් ඇත.
මිය ගොස් ඇත්තේ කල්පිටිය - නාරක්කල්ලිය පදිංචිව සිටි 28 හැවිරිදි ධීවරයින් දෙදෙනෙකි.
සිව් දෙනෙකුගෙන් යුත් ධීවරයින් කණ්ඩායමක් නොරචෝලේ බලාගාරයට ආසන්නයේ ඇති ධීවර වාඩියක මත්පැන් පානය කරමින් සිට ඇත.ඒ අතර මුහුදේ පාවී ආ බෝතලයක් ඔවින් අසුලාගෙන එහි තිබූ දියර වර්ගයද පානය කර ඇත.
එම දියර වර්ගය පානය කළ දෙදෙනෙකු අසාධ්‍යව ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව නොරචෝලේ පොලීසිය කියයි.