Sri Lanka
මුහුදේ ගසා පැමිණි බෝතලයේ දියර භාවිතා කල තවත් අයෙක් මිය ගිහින්
2025-10-31 05:57 AM
මුහුදේ පා වී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කළ දෙදෙනෙකු මිය ගොස් ඇති බව නොරචෝලේ පොලීසිය කියයි.

28 වෙනිදා රාත්‍ර්‍රියේ එක් අයෙකු මිය ගොස් ඇති අතර 29 වෙනිදා අළුයම අනෙක් පුද්ගලයා මිය ගොස් ඇත.

මිය ගොස් ඇත්තේ කල්පිටිය - නාරක්කල්ලිය පදිංචිව සිටි 28 හැවිරිදි ධීවරයින් දෙදෙනෙකි.

සිව් දෙනෙකුගෙන් යුත් ධීවරයින් කණ්ඩායමක් නොරචෝලේ බලාගාරයට ආසන්නයේ ඇති ධීවර වාඩියක මත්පැන් පානය කරමින් සිට ඇත.ඒ අතර මුහුදේ පාවී ආ බෝතලයක් ඔවින් අසුලාගෙන එහි තිබූ දියර වර්ගයද පානය කර ඇත.

එම දියර වර්ගය පානය කළ දෙදෙනෙකු අසාධ්‍යව ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව නොරචෝලේ පොලීසිය කියයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට