කාලයකින් නඩත්තු නොකිරීමේ හේතුවෙන් දැඩි ලෙස අබලන්වී ඇති හලාවත - කාක්කපල්ලිය දුම්රිය ස්ථානයේ ගොඩනැගිළි කඩා වැටීමේ අවධානමකට ලක්ව ඇති බව
දුම්රිය මගීන් සදහන් කරයි.
හලාවත - කොළඹ දුම්රිය මාර්ගයේ ඇති කාක්කපල්ලිය දුම්රිය ස්ථානය විශාල මගීන් සංඛ්‍යාවක් දිනපතා පරිහරණය කරන ස්ථානයකි.මෙම දුම්රිය ස්ථානය අවට වල් බිහිවී ඇති ආකාරයක් දක්නට ඇති අතර,ගොඩනැගිලි කාලයකින් පිරිසිදු කිරීමක් හෝ අළුත් වැඩියා කිරීමක් සිදු කර නොමැත.
දුම්රිය ස්ථානයේ ඉහළ මාලයේ ඇති නිල නිවාසයද අබලන්වී ගරා වැටී තිබීම හේතුවෙන් එහි කිසිවෙකු කාලකින් නවාතැම් ගෙන නොමැති බවක්ද දක්නට ඇත.දුම්රිය ස්ථානය තුළ වැසිකිළියක්තිබුණත්,එයද ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයක නොමැති බවක් දක්නට ඇත.වැසිකිලිය අවට වල්
බිහිවී තිබීම නිසා කිසිවෙකුට ඊට ඇතුළු වීමට හැකියාවක් නැත.
දුම්රිය ස්ථානය අවට දැඩි වනාන්තර ස්වභාවයක් ගෙන ඇත්තේ
කාලයකින් පිරිසිදු කිරීමක් කර නොමැති බව මගීන් සදහන් කරයි.රාත්‍රී කාලයේද ඇතැම්
මගීන් කාක්කපල්ලිය දුම්රිය ස්ථානය භාවිතා කරන නමුත්,ඇතමුන් කියා සිටින්නේ අවට
විෂගෝර සතුන්ගේ වාස භූමි බවට පත්ව ඇති බවය.එය අනතුරු දායක තත්ත්වයකි.
රටපුරා දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමට රජය මේ වන විට සුදානම් වෙමින් සිටී.නමුත් මේ ආකාරයට ගරා වැටී කඩා වැටීමට ආසන්න තත්ත්වයේ පසුවන උප දුම්රිය ස්ථානයන් සම්බන්ධයෙන් අවදානයක් යොමු නොකිරීම කනගාටුවට කරුණක් වී ඇත.වල් බිහිවී කඩා වැටීමේ අවදානමක් ඇති කාක්පල්ලිය දුම්රිය ස්ථානය කඩිනමින් පිළිසකර කළ යුතුම ස්ථානයක් බව මගීන් මෙන්ම ප්‍රදේශවාසීන්ද සදහන්
කරයි.
ජුඩ් සමන්ත