Sri Lanka
ගිලා බැසිමේ අවදානම - මාරවිල පිහිටි නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යල භූමිය
2025-10-23 08:12 AM
වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මාරවිල පිහිටි නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යල භූමිය තුළ සුළු ගිලා බැසීමක් සිදුවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

ඉකුත් 22 වැනිදා සවස් කාලයේ මෙම තත්ත්වය සිදුවී ඇත.

නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාල ගොඩනැගිල්ල සහ ඒ ආසන්නයේ පිහිටි ළිද අතර බිම් කොටසේ මෙම ගිලා බැසීම සිදුවී ඇත.එම කාර්යාලයේ සේවය කළ නිලධාරීන් විසින් මේ බව නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම්වරිය දැණුවත් කිරීමට කටයුතු කර ඇත.අනතුරුව නාත්තන්ඩිය ආපදා සහන සේවා නිලධාරීවරයාද සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂා කර බලා ඇත.

සුළු ගිලා බැසීමක් සිදුවූ ස්ථානය මේ වන විට වසා දමා ඇත. ගිලා බැසීම සිදු වූ ස්ථානයට නොදුරින් දෙමහල් ගොඩනැගිල්ලක වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය පවත්වා ගෙන යයි.ගිලා බැසීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට