Sri Lanka
උඩරට දුම්රිය ධාවනය අද සිට නැවත අරඹයි.
2025-10-23 07:19 AM
අයපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගයට ඇතිවූ අවධානම් තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රඹුක්කන - පේරාදෙණිය දුම්රිය ධාවනය අද (23) දින නැවත ධාවනය ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය 19 වනදා සවස් කාලයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇද හැලුන දැඩි වර්ෂාව හේතුවෙන් ඉහළ මාර්ගයේ කඩිගමුව- ඉහළ කෝට්ටේ අතර ස්ථාන දෙකකින් සහ ඉහළ කෝට්ටේ - බලන අතර ස්ථාන අටකින් දුම්රිය මාර්ගය දෙපස භූමිය සෝදා යාමට හා නාය යෑමට ලක්ව තිබුණි.

හානි වූ ස්ථාන දහයෙන් ස්ථාන අටක් යථාවත් කර ඇති අතර තවදුරටත් ඉහළකෝට්ටේ - බලන අතර ස්ථාන දෙකක් පමණක් මේ වනවිට යථාවත් කරමින් පවතී.

දුම්රිය මාර්ගයට යටින් පස් සෝදාගෙන යාම, අනෙක් සියලුම ස්ථාන යථාවත් කිරීමෙන් පසු දුම්රිය මාර්ගයේ නඩත්තු කටයතු සඳහා අවශ්‍ය දුම්රියන් රැගෙන යාමට සහ තවදුරටත් පවතින අයහපත් කාලගුණය යන හේතුන් මත මෙම ස්ථාන දෙක යථාවත් කිරීමට ප්‍රමාද වී ඇත.

ඉහත හේතූන් නිසා 2025/10/22 දින සම්පුර්ණයෙන් පහත පරිදි මගී දුම්රියයන් අවලංගු කිරීමට කටයුතු කර තිබුණි.

නමුත් අද දින උදෑසන සිට නැවත ධාවනය ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය සේවය දැනුම් දී ඇත.

වැඩි විස්තර සඳහා පහත ෆෙස්බුක් සලකුණ මත ක්ලික් කරන්න.
Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට