Sri Lanka
හෙටත් උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර 04ක් අවලංගුයි
2025-10-20 07:36 PM
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත පස්කඳු දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන් හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පිලී පැනීම නිසා අද (20) දින උඩරට මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල විය.

මේ අතර බලන හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර පස් කඳු කඩා වැටීම හා දුම්රිය මාර්ගයට ආසන්නව ස්ථාන දෙකක මාර්ගය නාය ගොස් ඇත.

මේ හේතුවෙන් අද දිනයේ දුම්රිය ගමන් වාර 18 ක් අවලංගු වූ අතර හෙට (21) උදැසන මහනුවර හා මාතලේ සිට කොළඹ කොටුව හා මාතර බලා ධාවනය වන පහත දුම්රිය 04 ද දැනට අවලංගු කිරීමට කටයුතු කොට ඇත.

1. 04.30 මහනුවර සිට කොළඹ කොටුව

2. 04.50 මාතලේ සිට කොළඹ කොටුව

3. 05.00 මහනුවර සිට මාතර

4. 06.15 මහනුවර සිට කොළඹ කොටුව
Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට