පුත්තලම දිස්ත්‍රික් 2025 සාහිත්‍ය උත්සවය තම්බපණ්ණී අක්වැස්ස 3 පසුගිය 17 වැනිදා මහවැව මුද්‍රා දේවී ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන්
ජානක,නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා සභාපති සාගර විජේසේකර,පුත්තලම අතිරේක දිසාපති
පුබුද්ධිකා එස්. බණ්ඩාර යන මහත්මා මහත්මීන් සමග රාජ්‍ය නිලධාරීන්ද,පාසල් දරු
දැරියන් විශාල ප්‍රමාණයක්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.
මහවැව ප්‍රදේශයෙන් බිහිවූ ප්‍රකට ග්‍රන්ථ කතෘවරයෙකු මෙන්ම ගීත රචකයෙකුද වන රෝහණ මද්දුමරාළ මහතා නමින් මෙවර සාහිත්‍ය උත්සවය නම්
කර තිබුණි.රෝහණ මද්දුමරාළ මහතා අනුස්මරණය කරමින් ඒ මහතාගේ බිරිද වන ජයශීලි ද
සිල්වා මහත්මිය වෙත සිහිවටන තිළිණයක් ප්‍රදානය කිරීමද සිදු කරන ලදි. 2025 දිස්ත්‍රික්
සාහිත්‍ය උත්සවය වෙනුවෙන් සකස් කරන ලද
මහවැව රෝහණ මද්දුමරාළ සාහිත්‍ය සාර සංග්‍රහය එළි දැක්වීමද මෙම අවස්ථාවේදී සිදු කරන ලදි.
පුත්තලම දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ලද තරග වලින් ජයග්‍රහණය කළ අයට සහතික සහ ත්‍යාග ප්‍රධානය කිරීමද මෙහිදී සිදු කරන ලදි.
පුත්තලම දිස්ත්‍රික්කය තුළ කලාවට මෙහෙයක් සිදු කළ 10 දෙනෙකු සදහා
කලාධිනී සම්මානය ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කරන ලදි කලාධිනී සම්මානය හිමිකර ගත් 10 දෙනා අතරින් දෙදෙනෙකු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වීමද විශේෂත්වයකි.