Sri Lanka
ව්‍යාපාරික ස්ථානයක සැරසිළි කරමින් සිටි තරුණයෙකු විදුලි සැර වැදි මිය යයි
2025-10-19 01:18 PM
විවෘත කිරීමට සුදානම් කර තිබූ ව්‍යාපාරික ස්ථානයක සැරසිළි කරමින් සිටි තරුණයෙකු විදුලිය සැර වැදී මිය ගොස් ඇත.

මිය ගොස් ඇත්තේ පුත්තලම - සේනකුඩිරිප්පුව පදිංචිව සිටි නවෝද් ගිම්හාන් (අවු:26) නම්වූ තරුණයෙකි.

ඉකුත් 17 වැනිදා පුත්තලම - රත්මල්යාය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

පුත්තලම - රත්මල්යාය ප්‍රදේශයේ අළුතින් ආරම්භ කිරීමට සුදානම් වූ ව්‍යාපාරික ස්ථානයක සැරසිළි කරමින් සිටන විට තරුණයාට විදුලිය සැරවැදීම සිදුවී ඇත.නව ව්‍යාපාරික ස්ථානයට විදුලිය ලබා ගෙන නොතිබුණු බැවින් ආසන්නයේ වෙළද සැළකින් තාවකාලිකව විදුලිය ලබා ගැනීමට ඔවුන් කටයුතු කර ඇත.

එසේ විදුලිය ලබා ගැනීම සදහා යොදා ගත් වයරයක් සකස් කරමින්සිටියදී තරුණයාට විදුලිය සැර වැදී අනතුරට පත්ව ඇත.එම ස්ථානයේ සිටි පිරිස් කඩිනමින්අනතුරට පත්ව සිටි තරුණයාව ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මිය ගොස් ඇත.මිය ගොස් ඇති තරුණයා විවාහ වී ඇත්තේ මීට මාස 05 කට කලින් බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත. ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට