Sri Lanka
කුණු ටැක්ටරවලින් මඩකලපු දිස්ත්‍රික් රැස්වීමට ආපු මන්ත්‍රිවරු
2025-07-16 09:18 PM
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ චෙංගලඩි සහ වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ සභිකයන් අද මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර දෙකකින් පැමිණ තිබෙනවා. ඒල තමන්ට මෙතෙක් නිල වාහන ලබානොදුන් බව පවසමින්. පරිසර අමාත්‍ය ධම්මික පටබැදි සහ කර්මාන්න අමාත්‍ය සුනිල් හදුන්නෙත්තිගේ සහභාගීත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමටයි ඔවුන් මෙලෙස පැමිණ තිබුණේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් සිය ඞ ගිනුමේ සටහනක් තබමින් සඳහන් කළේ වත්මන් ආණ්ඩුව විසින් ඔවුන්ගේ නිල වාහන රාජසන්තක කර වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇති බවයි. කෙසේ වෙතත් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා රජයට සැලකිය යුතු පිරිවැයක් දරන සුඛෝපභෝගි වාහනයක් භාවිත කරන බවද එහි සදහන්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති පසුව අදහස් පළ කර තිබුණා.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට