හෙම්මාතගම කපුරැක්ක විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන කඨින පිංකම අද දවසේ පැවැත්වෙන අතර ඒ සඳහා වු කඨීන චිවරය රැගත් පෙරහැරේ හේවිසි වාදනය කලේ පාසල් වියේ පසු වෙන දරුවන් පිරිසකි.
ප්‍රදේශයේ මේ දින වල සෑම විහාරස්ථානයකම පැවැත්වෙන කඨීන පිංකම් වල මෙම දරුවන් පිරිස හේවිසි වාදනය සිදු කර අතර ඔවුන් පාසල් වල 10, සහ 9 වැනි වසර වල ඉගෙනුම ලබන සිසුවන් වන බව මේ දරුවන් සඳහා මග පෙන්වු පිරිවෙන් ආචාර්ය බණ්ඩාර ඉහළවත්ත මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමන් පැවසුයේ නැති වි යන සංස්කෘතික අංග ආරක්ෂා කිරීම උදෙසා මෙම දරුවන්ගේ කැපවීම අගය කල යුතු බවයි. වර්තමානයේ දරුවන් විවිධ ක්‍රියා හරහා නොමග යන කාල වකවානුවක මේ දරුවන් රටට ආදර්ශයක් වන බවද ඒ මහතා පැවසීය. එමෙන්ම දහම් පාසල් සහ විහාරස්ථාන වල ඇසුර ලබන දරුවන් බොහෝ අවස්ථා වල නොමග නොයන අතර ඔවුන් සෑම විටම සමාජය වෙනුවෙන් යහපතක් කිරීමට උත්සාහ කරන පිරිසක් වන බවද පැවසීය.
මාවනැල්ල සමන් විජය බණ්ඩාර