එංගලන්තය,මෝල්ටාව,ජපානය සහ ඩුබායි යන රටවල් වල රැකියාවන්ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 120 කට වැඩි මුදලක් වංචා කළ බව කියන තිදෙනෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගෙන ඇති තිදෙනා අතර,නීතිඥයෙකු සහ හිටපු නගරාධිපතිවරයෙකුගේ පුතෙකුද වන බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.
එංගලන්තයේ සහ මෝල්ටාවේ රැකියාවන් ලබා දෙන බව පවසා පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් 94,10,000 ක මුදලක් වංචා කළ මොරටුව පදිංචි පුද්ගලයෙකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකයට ලැබී ඇත.නීතිඥයෙකු වන එම පුද්ගලයා විසින් විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇති නමුත්,එහි ලියාපදිංචියද කල් ඉකුත් වී ඇති විමර්ශණ නිලධාරීන් විසින්අනාවරණය කර ගෙන ඇත.එමෙන්ම එම පුද්ගලයාට එංගලන්තයේ සහ මෝල්ටාවේ විදේශ රැකියා ලබා දීම සදහා ඇණවුමක්ද ලැබී නොමැති බව වැඩිදුරටත් අනාවරණය වී ඇත.
එකී පැමිණිළි සමබන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකයට පැමිණි අවස්ථාවේදී සැකකාර නීතිඥයාව එම ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුව ඉකුත් 15 වැනිදා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇත.අධිකරණය හමුවේ සැකකරු වරද පිළි ගැනීම හේතුවෙන් ඔහුව රුපියල් ලක්ෂ 05 බැගින් වන පුද්ගල ඇප 02 ක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ලබන ජනවාරි මස 27 වැනිදා නැවත කැදවීමට නියෝග කරන ලදි.
මේ අතර,ඩුබායි හී රැකියාවක් ලබා දෙන බව පවසා තලවාකැලේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 06 ක මුදලක් වංචා කළ ජා ඇල,කල්එළිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුවද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.හිටපු නගරාධිපතිවරයෙකුගේ පුත්‍රයෙකු බව කියන සැකකරු තම නිවස හා අවට දැඩි ආරක්ෂිත ක්‍රම භාවිතා කර තිබීම හේතුවෙන් උපාය දුතයෙකු යොදා ඉන් පිටතට ගෙන අත්අඩංගුවට ගැනීමටද විමර්ශණ නිලධාරීන්ට සිදුවී ඇත.
පසුව අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී රැකියා අයදුම්පත් සහ වීසා ලබා ගැනීමට යොදා ගන්නා ලියකියවිලි රැසක්ද වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.
ජපානයේ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 20 ක මුදලක් වංචා කළ බව කියන මීගමුව - කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවද ඔහුගේ නිවසේදීම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වලංගු විදේශ රැකියා බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදේශ ගත කිරීම සදහා මුදල් අය කිරීම යන චෝදනාව යටතේ එම සැකකරුවන් දෙදෙනා මහර සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ජුඩ් සමන්ත