Sri Lanka
යතුරු පැදි සොරකම පොලිසියට අතේ මාට්ටු
33 | 2025-10-16 08:02 PM
යතුරු පැදියක් සොරකම් කරගෙන යමින් සිටි පුද්ගලයෙකුව එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සමත්වී ඇත.

ඉකුත් 15 වෙනිදා හලාවත නගරයේ තැපැල් කාර්යලය අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම - මදුරන්කුලිය ප්‍රදේශයෙහ් පදිංචි 22 හැවිරිදි අයෙකුවය.

හලාවත - අඹකදවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු රෝගියෙකු බැලීම සදහා හලාවත මහා රෝහලට යතුරු පැදියකින් පැමිණ ඇත.ඔහු තම යතුරු පැදිය රෝහල ඉදිරිපිට ගාල් කර තම කටයුත්ත සදහා ගොස් ඇත.සැකකරු විසින් එම යතුරු පැදිය සොරකම් කරගෙන පන ගැන්වීමට උත්සාහ කර ඇතත් පළක් වී නැත.පසුව ඔහු එම යතුරු පැදිය තල්ලු කරගෙන එම ස්ථානයෙන් පිටත්වී ඇත.

යතුරු පැදිය තල්ලු කරගෙන යන පුද්ගලයා පිළිබදව ඇතිවූ සැකය අනුව ඔහු නවත්වා ප්‍රශ්ණ කිරීමට පොලීසිය කටයුතු කර ඇත.එහිදී අනාවරණය වී ඇත්තේ මෙම යතුරු පැදිය සොරකම් කර ඇති එකක් බවය.

සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජුඩ් සමන්ත


ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්