Sri Lanka
මාවනැල්ලට අවුරුදු 38 කට පසුව රන් පදකමක් ගෙනාපු දිරිය දියණියගේ කතාව
385 | 2025-10-16 05:22 PM
මාවනැල්ල අධ්‍යාපන කලාපයේ වසර 38 කට පසුව සහ මාවනැල්ල බැමිණිවත්ත මහා විද්‍යාලයේ වසර 95 ක ඉතිහාසය තුල සමස්ත ලංකා ක්‍රීඩා උළෙලකදි මළල ක්‍රීඩා තරගයකින් රන් පදක්කමක් ලබා ගැනීම වෙනුවෙන් 14 වන දින එම ක්‍රීඩිකාව පිළිගැනීම වෙනුවෙන් එම පාසලේ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.
තවත් මෙහි විශේෂම කාරණය වන්නේ දරුවාට ක්‍රීඩා කරන්නට තරම් උචිත මට්ටමේ පාසල් ක්‍රීඩාංගණයක් නොමැතිව හිමිදිරි පාන්දර දුර බැහැර වෙනත් ක්‍රීඩාංගණවලට ගොස් පාසලේ ක්‍රීඩා උපදේශකවරයාගෙන් ගුරුහරුකම් ලබා සමස්ත ලංකා මට්ටම දක්වා අනුන්ගෙන් ඉල්ලා ගත් ධාවන තරඟ වෙනුවෙන් භාවිතා කරන පාවහන් යුවලක් දමා තරගයට ඉදිරිපත් විමයි. මෙවර සමස්ත ලංකා ක්‍රීඩාතරඟ පසුගිය 13 වැනි දින පවත්වන ලද්දේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදිය. එහිදි එල්.ආර්.සිතුමිණි නෙත්සරා බණ්ඩාර මිටර් 800 විනාඩි 2 තත්පර 17 දි අවසන් කරන ලදි. එහිදි ඇයගේ ධාවන තරගය දෙස බලා සිටි බොහෝ පුහුණු කරුවන් පාසලේ ක්‍රීඩා අචාර්යවරයාට පවසා ඇත්තේ අනිවාර්යෙන් දරුවා තවත් පුහුණුවිම් කරහොත් ජාත්‍යන්තර තරගවලින් ලංකාවට ජයග්‍රහණයක් ලබා ගත හැකි බවයි. එමෙන්ම ඇය මෙම ජයග්‍රහණය ලබා ගෙන තිබුණේ දිවයිනේ පාසල් 10450 ක් අතුරෙන්ය.
ඇය පිළිගැනීම වෙනුවෙන් රථ පෙළපාලිය මාවනැල්ල අධ්‍යාපන කාර්යාලය අසලින් පිටත්ව මාවනැල්ල නගරය හරහා හෙම්මාතගම මාර්ගය දිගේ බැමිණිවත්ත සිය විදුබිමට පැමිණෙන තෙක්ම අවට පාසල් වල දරුවන්ගෙන් සහ මග දෙපස ජනතාවගෙන් ඇයට විශේෂ පිළිගැනීමක් සිදු කරන්නට විය.

දියණිය සම්බන්ධයෙන් සම්පුර්ණ කතාව සෙනසුරාදා අප වෙබ් අඩවියේ විශේෂ පුවත් තීරයෙන් බලාපොරොත්තු වෙන්න.

සටහන ජායාරූප විඩියෝ මාවනැල්ල සමන් විජය බණ්ඩාර

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්