මධ්‍යම කඳුකරයේ ගම්පොළ බෝවල ග්‍රාමය එහි නාමයේ පරිසමාප්තාර්ථයෙන් ම කෘෂිකාර්මික ග්‍රාමයක් ව පැවතුණි. ස්වභාවික ජල උල්පත් හරහා පෝෂණය කෙරුණු කෘෂිකර්මාන්තය ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ අතර සෙසු වැසියන්ගේ දෛනික ජල අවශ්‍යතාවය සම්පූර්ණ කෙරුණේ උල්පත් දියෙනි. නමුත් පසුගිය වසර 10 ක පමණ කාල පරාසය තුළ මෙම තත්ත්වය ප්‍රබල විපර්යාසයකට ලක් ව ඇති බව ඛේදනීය තත්ත්වයකි.
පාරිසරික හායනයන් හේතු කොට ගනිමින් බෝවල ග්‍රාමය තුළ ක්‍රමයෙන් උල්පත් සිඳී යාමේ තත්ත්වයක් උද්ගත ව ඇත. මේ හේතුවෙන් කෘෂිකාර්මික කටයුතුවලට සහ ගම්වැසියන්ගේ එදිනෙදා දිවියට ප්‍රබල බලපෑමක් එල්ල වී ඇත. උල්පත් සිඳී යාම හේතුවෙන් ගම්වැසියන්ට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ පිහිට පැතීමට සිදු වී ඇති අතර දීර්ඝ කාලයක් ස්වභාවික ජල මූලාශ්‍රයන්ගෙන් යැපුණු ගම්වැසියන්ට ජලය මුදලට ලබා ගැනීමට සිදු වීම ඔවුන්ගේ ආර්ථික තත්ත්වයට ද බලපෑම් කර ඇත.
ගැටඹේල පේරාදෙණිය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කළමනාකාරතුමා ගෙන් අප කළ විමසුමකදී ඒ මහතා ප්‍රකාශ කළ සිටියේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය බෝවල ග්‍රාමීය ජනතාවට අවශ්‍ය කරන ජල පහසුකම් ලබා දීමට ඉදිරිපත් වී ඇතත් භූගෝලීය පිහිටීම හේතුවෙන් කඳුකර පරිසරයන්ට ගැළපෙන පරිදි අවශ්‍ය ජල පීඩනය සුසර ව පවත්වා ගනිමින් වගාවන්ට අවශ්‍ය කරන සහ ගම්වැසියන්ගේ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය කරන ජලය නිසි පරිදි ලබා ගැනීමට බාධා පැමිණවී ඇති බවය.
මීට අමතර ව පාරම්පරික ව වගා කෙරුණු මඩ ඉඩම් තව දුරටත් යාවත්කාලීන ව වගා කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වී ඇත්තේ බෝවල ග්‍රාමයෙහි ගල් ඒ දණ්ඩ ආශ්‍රිත ඇළ සිඳී යාම හේතුවෙනිග මීට වසර 10 කට පෙර සහ වර්තමානයේ එම ඒදණ්ඩ ආශ්‍රිත ඇළ පිළිබඳ තත්ත්වය පහත ඡායාරූප ඇසුරින් වටහා ගත හැකි ය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නීති රෙගුලාසි ප්‍රකොරව A ශ්‍රේණිය ලෙස නම් කර ඇති මඩ ඉඩම් ගොඩ කිරීමට අවසර නොමැති අතරල ජල හිඟය හේතුවෙන් එම මඩ ඉඩම් පුරන් වෙමින් පැවතීම බෝවල ග්‍රාමයේ පාරම්පරික ආර්ථිකයට ප්‍රබල පහරකි.
ජනගහණ වර්ධනය සහ ජල සැපයුම් සංඛ්‍යාව.
ගම්පොල ජන සංඛ්‍යා ලේඛන නිලධාරි ලක්සිරි මහතාගෙන් මෙම ලියුම්කරු විසින් ලබා ගත් තොරතුරු අනුව 2013 වසරේ සිට 2022 වසර දක්වා බෝවල ග්‍රාමයේ ඇස්තමේන්තු ගත ජනගහනය සලකා බැලූ කළ ඉතා අඩු ජනගහණ වර්ධනයක් සිදුව ඇති බව නිරීක්ෂණය කළ හැකිය. එය සාපේක්ෂ වශයෙන් 93 % මන්දගාමී වර්ධනයක් බවත් 2022 න් පසුව ජනගහනය සුළු වශයෙන් වර්ධනය අඩු වීමක් ද සිදුව ඇති බව සනාථ වේ. පහත දත්ත ප්‍රස්තාරය මගින් එය තව දුරටත් පැහැදිලි වේ.
තවද මෙම ලියුම්කරු විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කළ ඉල්ලීමට අදාලවල ( ලියාපදිංචි අංක CP/DGM/RT-12-3016/1013 ) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ තොරතුරු නිලධාරී විසින් එවන ලද පිළිතුරෙහි දත්ත අනුවල 1948 වන විට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය හරහා මෙම ග්‍රාමයට ලබාගෙන තිබුණේ එක් ජල සැපයුම් සම්බන්ධතාවයක් පමණිග 2009 වන විට දී ලබාගෙන තිබූ මුළු සැපයුම් සංඛ්‍යාව 3 කි.
නමුත් 2010 වසරෙන් පසු ව ලබාගෙන ඇති ජල සැපයුම් සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක්දැ ක ගත හැකි ය. 2011 වසරේ දී සම්බන්ධතා 31 ක්ල 2012 වසරේ දී 47 ක්ල ආදී වශයෙන් ලබාගෙන ඇති ජල සැපයුම් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බව පහත දත්ත ප්‍රස්තාරය විශ්ලේෂණයෙන් තවදුරටත් පැහැදිලි කර ගත හැක.
මෙම දත්ත විශ්ලේෂණය හරහා නිගමනය කළ හැක්කේ ගම්වැසියන්ට ලබා ගත හැකි ස්වභාවික ජල සම්පත් ප්‍රමාණය වසරින් වසර අඩු වීම හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය හරහා ජලය මිල දී ගැනීමට සිදු වීම වාර්ෂික ව ඉහළ ගොස් ඇති බවයි. එය ජනගහණ වර්ධන වේගයට සාපේක්ෂව වැඩි අගයක් ගන්නා බව ද පැහැදිලි ය.
ජල මූලාශ්‍ර සිඳී යාමට හේතු
ගමේ ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් දෙකක පමණ පරතරයක පිහිටි ලී මෝල් පහක් මේ වනවිට ක්‍රියාත්මක වන අතරල එමඟින් පරිසරය විශේෂයෙන් වනාන්තර සම්පත් මෙන්ම ජල උල්පත් වලට දැඩි ලෙස බලපෑම්ට ලක්වී ඇති බව පෙනී යයිග වනය ආරක්ෂා කිරීම සඳහා පනවා ඇති වන සංරක්ෂණ ආඥා පනත යටතේල ග්‍රාමීය ප්‍රදේශවල ලී මෝල් ඉදිකිරීමේදී අදාළ නිශ්චිත භූමි ප්‍රමාණය මත පදනම්ව ඉදිකළ හැකි උපරිම ලී මෝල් සංඛ්‍යාවක් පිළිබඳව පැහැදිලි නීතිමය සීමාවක් සඳහන්ව නොමැති බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුර අනුව පැහැදිලි විය ( ලි.පදිංචි අංකය RTI/30/2025 යතොරතුරු නිලධාරි එච්.ජී. වසන්ත මහතො). තොරතුරු නිළධාරි එච්ජී වසන්ත මහතා වත්මන් තත්ත්වය සැලකිල්ලට ගත් විට ඒ සම්බන්ධව යම් යම් නීතීන් නියාමනයක් සකස් විය යුතුව ඇත.
තවදල නාවලපිටිය පළාත් අඩවි වන නිලධාරි ඒ.එස්ඩ.බ්ලිව්බණ්ඩාර මහතා ගෙන් කළ විමසුමකදී හෙතෙම පැවසුවේල ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් පෞද්ගලික ඉඩම්වල ගස් කැපීමේ සීමාවක් පිළිබඳව නීති ගත කිරීමක් නොමැති බවය නමුත් එලෙස අසීමාන්තිකව පෞද්ගලික ඉඩම්වල ගස් කැපීම හරහා මෙම ජල ගැටලුව ග්‍රාමීය වශයෙන් පමණක් නොව ජාතික තත්ත්වය දක්වා ම උත්සන්න විය හැකි බවය.
මීට අමතරව ලී මෝල් ක්‍රියාකාරීත්වයන් පිළිබඳව විශ්ලේෂණයේ දී පැහැදිලි වන්නේ ඒවායින් ඉවතලන අපද්‍රව්‍ය ජල මූලාශ්‍රයවලට එක් වීම හරහා ජල උල්පත් හානියට ලක් වී ඇති බවය.
ඇතැම් ලී මෝල්වලින් ඉවතලන ලී කුඩු බැහැර කිරීමට නිසි ක්‍රියාවලියක් මෙහි දී සිදු වන්නේ නැතග ඇතැම්විට එම ලී කුඩු පුළුස්සනු ලබයි. නමුත් එලෙස පිළිස්සීම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට දැඩි ලෙස බලපානුයේ දෛනිකව එම ලී මෝල්වල ලී කුඩු විශාල පරිමාණයන්ගෙන් එක් වන බැවිනි.
බොහෝ අවස්ථාවන්හි දී එම ලී කුඩු ලී මෝල් අසළ තැනින් තැන දමා ඇති අතර සුළඟ හා වර්ෂාව හේතුවෙන් ඒවා ගසාගෙන යයිග පසුව එම ලී කුඩු ජල මූලාශ්‍රයවලට එක් වී ජල උල්පත් මෙන් ම ඇළ මාර්ග ද අවහිර කරයිග බෝවල ග්‍රාමීය මඩ ඉඩමක් ව පැවතුණු බිම් කොටසක ප්‍රධාන ඇළ මාර්ගයේ ජල හිඟය හේතුවෙන් ඇති වී තිබෙන වත්මන් තත්ත්වය මෙම ඡායාරූපයෙන් දැක ගත හැකි ය.
තිරසාර සංවර්ධනයට ගත හැකි ක්‍රියාමාර්ග
තිරසාර සංවර්ධන ඉලක්කයන්වල 6 වන වගන්තිය යටතේ පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව දල 15 වන වගන්තිය යටතේල භූමියේ ජීවිතය සමග සමපාත වන අතර වත්මන් සහ අනාගත පරම්පරාව සඳහා ජල සම්පත් සහ භූමිෂ්ට පරිසර පද්ධති දෙකම ආරක්ෂා කිරීම වැදගත්කම ද දක්වා ඇත.
එම තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා මෙම ග්‍රාමය තුළ ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති කිහිපයක් හඳුනා ගත හැකි ය.
මූලික වශයෙන් ම ලී මෝල් ගැටලුව පිළිබඳ ව සලකා බැලීමේ දී එම ලී මෝල්වලින් ඉවත් කරන ලී කුඩු එක් රැස් කර ඒවා බිම්මල්ල ඉඟුරුල කහ වැනි බෝග නිෂ්පාදනයේ වගා මාධ්‍යයක් ලෙස යොදා ගත හැකි යග මේ හරහා ගම්වැසියන්ට වගා කටයුතු කිරීම සඳහා අවශ්‍ය මූලික පහසුකමක් මෙම ග්‍රාමය තුළින් ම ලැබෙන බැවින් ඔවුන්ගේ ස්වයං රැකියා සහ ආර්ථික මට්ටමට ද එය ශක්තියක් වන අතර තව දුරටත් ජල මූලාශ්‍රයන්වලට ලී කුඩු මුසු වී ජල පද්ධති අවහිර වීම අවම කර ගත හැකි ය.
එමෙන් ම වඩාත් වැදගත් වන්නේ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. වාර්ෂික ව ග්‍රාමය තුළ ශාඛ වැස්මේ ප්‍රමාණය මිණුම් කර එයට සිදු වන හානියට සාපේක්ෂව රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ග්‍රාම නිලධාරීවරයාගේ මැදිහත්වීම ද සහිත ව සිදු විය යුතු බව මෙම ලියුම්කරුගේ අදහසයි.
මෙම ලියුම්කරු විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ඉල්ලීම් කළ තොරතුරකට අනුව (RTI/30/2025) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරි එච්. ජී.වසන්ත මහතාගේ පිළිතුර වූයේ ලී මෝල් ඉදිකිරීමේදී සහ බලපත්‍ර අලුත් කිරීමේදී පරිසර ඇගයීම් බලපත්‍රයක් ලබාගත යුතු බවත් එම බලපත්‍රයේ සඳහන් නිශ්චිත රෙගුලාසිවලට අනුකූලව නියාමනය බලපත්‍රය නිකුත් කරනු ලබන ආයතනය විසින් සිදු කරනු ලබන බවත්යග ප්‍රායෝගිකව මෙම ක්‍රියාවලිය නිවැරදිව සිදුවන්නේ ද යන්න සැක සහිත වනුයේ පරිසර හායනය දිගින් දිගටම සිදුවන බැවිනි ගඑවැනි තත්ත්වයන් නිසියාකාරව සිදුවන්නේ ද යන්න පිළිබඳව බලධාරීන් ගේ නෙත යොමු වීම වැදගත් වේ.
මෙහිදී අවධාරණය කරනුයේ රටේ ආර්ථිකයට රුකුලක් වන ලී මෝල් කර්මාන්තය අඩපණ කිරීම නොවන අතර නිසි නියාමන ක්‍රමවේදයක් ක්‍රියාත්මකවීම විය යුතු බව ඒත්තු ගැන්වීමකි. ඒ ආකාරයෙන් රජය සහ ගම්වැසියන්ගේ ඒකාබද්ධතාවය හරහා මෙම ජල ගැටලුව විසඳමින් තිරසාර සංවර්ධනයක් කරා රැගෙන යා හැකි බවද අවධාරණය කළ යුතුවම ඇත.
කිත්මිණි කුමාරි කාංගර
නීති ශිෂ්‍ය ( තෙවන වසර )
පේරාදෙණිය විශ්ව විද්‍යාලය