Sri Lanka
ගල්කිස්ස සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ඇප
2025-10-13 01:06 PM
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ ඊට අදාළ නඩු විභාගය අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

එහිදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත 2ක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

මෙහිදී පොලීසිය විසින් අදාළ සිද්ධිය වූ අවස්ථාවේදී නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අසභ්‍ය වචනයෙන් පොලිස් කොස්තාපල්වරයාට බැණ වැදීම සම්බන්ධයෙන් තවත් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

තවදුරටත් කරුණු වාර්තා කරමින් පොලීසිය අධිකරණය හමුවේ පැවසුවේ මේ වන තුරු නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට ඉදිරිපත් වීමක් හෝ පොලීසියට ප්‍රකාශ ලබා දීමක්ද සිදු කර නොමැති බවත්ය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට