Sri Lanka
පල්ලිපෝරුව මුස්ලිම් විද්‍යාලයේ දරුවන්ගේ ප්‍රදර්ශනය
192 | 2025-10-12 06:55 PM
බෞද්ධ ආගමික ප්‍රදර්ශන කුටියක් සමග මේ රට ප්‍රධාන ආගමික මධ්‍යස්ථාන දැක්වෙන සහ එහි ක්‍රියාකාරකම් සිදු වෙන අන්දම දැක්වෙන ප්‍රදර්ශන කුටි කිහිපයකින් මෙන්ම දරුවන්ගේ බොහෝ නිර්මාණ ඇතුලත් ප්‍රදර්ශනයක් පසුගිය දින කිහිපය පුරා හෙම්මාතගම පල්ලිපොරුව මුස්ලිම් විද්‍යාලයේදි පැවැත්විය. ප්‍රදර්ශනය ඊයේ 09 රාත්‍රීයෙන් අවසන් විය.
මෙම ප්‍රදර්ශනයේ තිබු තවත් සුවිශේෂි ප්‍රදර්ශන කුටියකින් මුස්ලිම් අයෙකු මිය ගිය පසුව එම ආගමික කටයුතු සිදු වෙන අන්දම පැහැදිලි කිරීමට ප්‍රදර්ශන කුටියක් හෙම්මාතගම ප්‍රධාන පල්ලියේ මරණාධාර සමිතියේ සමාජිකයින් විසින් පවත්වන ලදි. එමෙන්ම මෙම ප්‍රදර්ශනයට ප්‍රදේශයේ සිංහල පාසල් වල දරුවන් පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලා එම දරුවන් මෙන්ම විහාරස්ථාන වල නායක හිමිපාණන් වහන්සේලා ඇතුලු බොහෝ පිරිසක් සහභාගි විය.
බොහො පිරිසකගේ විශේෂ ඇගයිමට ලක් වු මෙම පාසලේ ප්‍රදර්ශනයේ බොහෝ නිර්මාණ දරුවන් විසින්ම සකස් කරන ලද ඒවා වන බව විද්‍යාලයේ විදුහල්පති එම්.එස්.එම් නිසාම් මහතා පැවසීය.
විදුහල්පතිතුමන් මාධ්‍යවෙත අදහස් දක්වමින් මෙසේද පැවසීය.
මාගේ පාසලේ ඉගෙනුම ලබන්නේ ප්‍රාථමික අංශයේ දරුවන් 6 වසරේන් උඩ ඉගෙන ගන්න දරුවන් අඩුයි. 6 වසරෙන් උඩ අධ්‍යාපනය ලබන්නේ පරිවාස දරුවන්. මේ පාසලේ අවුරුදු 78 ක ඉතිහාසයක් තිබෙනවා. පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ගුරු මණ්ඩලය 20 ක් පමණ ඉන්නවා. මෙම පාසලේ තවත් විශේෂත්වයක් වන්නේ දරුවන් වෙනුවෙන් ගුරුමණ්ඩලයේ හැම කෙනෙක්ම වසරේ ඔවුන්ට ලැබෙන නිවාඩු පාවා නොදමා සේවය කිරීමයි. එමෙන්ම ප්‍රදේශවාසීන් පාසලේ දරුවන්ගේ දෙමාපියන් පාසල දියුණු කිරීම මෙන්ම දරුවන්ගේ කුසලතා මෙන්ම අධ්‍යාපන මට්ටම වර්ධනය කිරීමට විශාල කැප විමක් දක්වනවා. ඒ නිසා අද වන විට පාසලේ ශිෂ්‍යත්වය සමත් වෙන දරුවන් මෙන්ම විවිධ කුසලතා දක්වමින් සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගන්නා දරුවන්ගේ විශාල වැඩි විමක් දක්නට ලැබෙනවා. විදුහල්පතිවරයා හැටියටත් ගුරු මණ්ඩලයටත් පාසලේ දෙමාපියන්ටත් එක ලොකු ආත්ම තෘප්තියක් බවට පත් වි තිබෙනවා.
මෙම ප්‍රදර්ශනය අපි කරද්දි අපිට බෞද්ධ ආගමික කුටිය සකසා ගැනීමට ප්‍රදේශයේ විහාරස්ථානයෙන් ලැබුණේ විශේෂ උපකාරයක් ඒ බව අපි සිහිපත් කරන්නේ සතුටින් හෙම්මාතගම සෑම ආගමකම අය සමගියෙන් ජිවත් වන නගරයක් වාගේම ප්‍රදේශයක් ඒ නිසා මේ ගම රටට ලෝකයට ආදර්ශයක් තවද අපේ ප්‍රදර්ශනය බලන්න විශාල පිරිසක් පැමිණියා.
සටහන සමන් විජය බණ්ඩාර

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්