Sri Lanka
රට රැකියා සිහිනය පෙන්වා බොරු සම්මුඛ පරීක්ෂණ පවත්වපු පිරිසක් අත්අඩංගුවට
2025-10-12 04:12 PM
කුවේට් රාජ්‍යයේ රැකියාවන් ලබා දෙන බව පවසමින් කුරුණෑගල නගරයේ හෝටලයක සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි සැකකරුවෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 11 වෙනිදා මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරු සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 03 ක්,රැකියා අයදුම් පත්‍ර සහ තවත් ලියකියවිලි කීපයක්ද වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.

විදෙස් රැකියාවන් ලබා දීම සදහා සැකකරුට ලියාපදිංචි බලපත්‍රයක්නොමැති බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ අතර,ඩුබායි හී කර්මාන්ත ශාලාවක රැකියාවක් ලබා දෙන පවසා රුපියල් ලක්ෂ 08 ක මුදලක් වංචා කළ කාන්තාවක්වද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකාර කාන්තාව මහර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකයට කර ඇති පැමිණිල්ලකට අනුව සැකකරියව අත්අඩංගුවට ගෙන තිබුණි.

ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට