කැනඩාව,රුමේණියාව,පෝලන්තය සහ ජර්මනියේ රැකියාවන් ලබා දෙන බව පවසමින් පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 150 කට වැඩි මුදලක් වංචා කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින්අත්අඩංගුවට ගෙන ඇත.
කැනඩාවේ පුරවැසිභාවය ලබා එහි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයෙකු විසින් එරට රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචා කර ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි ලැබී ඇත.එම පැමිණිළි අනුව ක්‍රියාත්මක වී ඇති විදේශ සේවා නියුක්ති කාර්යංශය සැකකරුට විදෙස් ගතවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇත.
එම අධිකරණ නියෝගය ඉවත් කර ගැනීමට හැකි බවට උපය දූතයෙකු මගින් පවසා උපක්‍රමශීලීව සැකකරුව
විදේශ සේවා නියුක්ති කාර්යශය වෙත ගෙන්වා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මේ අතර,ලියාපදිංචියකින් තොරව මාවනැල්ල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත අයතනයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකුවද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. රුමේණියාව,පෝලන්තය සහ ජර්මනියේ රැකියාවන් ලබා දෙන බව පවසා මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළ කර වංචාව සිදු කර ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.සැකකරු විසින් රුපියල් ලක්ෂ 03 කට අධික මුදලක් වංචා කර ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කඩුවෙල සහ මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකණයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ජුඩ් සමන්ත හලාවත