Sri Lanka
ඉතිහාසය අලුත් කරමින් කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට
2025-10-10 10:25 PM
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (10) දිනයේ දී නැවත වරක් සිය ඉහළම අගයේ වාර්තාව අලුත් කරමින්, සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,318.72ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 143.98ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 0.65% ක් වැඩිවීමක් වේ.

මේ අතර SL20 දර්ශකය ද මේ දක්වා ඉතිහාසයේ ඉහළම අගය අද දින වාර්තා කිරීමට සමත්වූයේ දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,226.03ක් දක්වා ඒකක 63.65ක වර්ධනයක් සනිටුහන් කරමිනි.

එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 8.30ක් හා දේශීය විකිණුම් රු. බිලියන 8.21ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 150ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 248ක් ලෙසින් සටහන් විය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට