අලුත්ගම විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ සහාය නැතුව 119 යතුරුපැදි මුර සංචාරයේ ඉදී සිටි නිලධාරින්ට ලද තොරතුරක් මත අද(10) මතුගම,නාගහදොල, සිරිකදුර ප්‍රදේශයේ දොළ පාරක තිබී ජීව උණ්ඩ උණ්ඩ තොගයක් පොලිසිය භාරයට ගෙන තිබේ..
සොයා ගත් උණ්ඩ අතර M 60 වර්ගයේ පතොරම් 33, GPMG පතොරම් 50,T56 පතොරම් 06, රිවෝල්වර පතොරම් 04,බෝර12 පතොරම් 02 ආරක්ෂක අංශ භාවිතා කරන සංඥා නලාවක් ඇතුළු පතුරම් 95ක්හමුවී ඇතැයි පොලිසිය කියයි
මෙම උණ්ඩ ඉටි බෑගයක දමා ගලකට යට කර තිබී ඇත. ඉටි බෑගය විවෘත කර බැලීමේදී එහි තිබූ පෙට්ටියේ නිෂ්පාදිත වර්ෂය වශයෙන් 1987 සඳහන් කොට ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම උණ්ඩ කවුරුන් විසින් මෙම ස්ථානයට ගෙන ආවේද යන්න පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම වැටලීම අලුත්ගම විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ
උ.පො.ප සුමන්තිලක,77209 කුමාර, පො.සැ.38879 ලනුමෝදර,පො.සැ 66878 මල්ලව,පො.සැ 68668 ජයසිංහ පො.කෝ 38504 හේරත් ඇතුළු නිලධාරීන් විසින් සිදු කර අති අතර මතුගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.
තුසිත කුමාරද සිල්වා