Sri Lanka
බිලියනපතියෙකු වූ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා
23 | 2025-10-09 11:10 AM
පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මුල්‍යයම අතින් බිලියනපති තත්ත්වයට පත් වූ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා ලෙසට පත් වී තිබේ.

නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල්ඩොගේ ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් ලෙස තක්සේරු කර ඇත.

40 හැවිරිදි වියෙහි පසුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මුල්‍ය ස්ථාවරභාවය පසුගිය ජුනි මාසයේදී සිට සිදු වූ අතර එයට හේතුව වශයෙන් විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ සෞදි කණ්ඩායමක් වන අල්-නාසර් සමඟ ඩොලර් මිලියන 400කට වඩා වටිනාකමක් සහිතව ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව බවය.

බ්ලූම්බර්ග් දර්ෂකයට අනුව 2002 සහ 2023 අතර කාලය තුළ රොනාල්ඩෝ ඩොලර් මිලියන 550කට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවය.

2023 දී මැන්චෙස්ටර් යුනයිටඩ් සිට අල්-නාසර් වෙත රොනාල්ඩෝ මාරුවීම දැනටමත් පාපන්දු ඉතිහාසයේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බවට පත් කර ඇති අතර, ඔහුගේ වාර්ෂික වැටුප පවුම් මිලියන 177ක් සහ ඊට අමතරව ප්‍රසාද දීමනා ද ඇතුළත්ය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්