Sri Lanka
දංකොටුවේ නිවසක කසිප්පු පෙරලා
2025-10-09 10:53 AM
ගෑස් භාවිතා කරමින් නිවසක් තුළ සුක්ෂම ලෙස පවත්වා ගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට දංකොටුව පොලීසියේ නිලධාරීන් කටයුතු කර ඇත.

පොලිස් විශේෂ කාර්යංශයේ වෙන්නප්පුව ඒකකයේ නිලධාරියෙකු විසින් ලබා දී තිබූ තොරතුරක් අනුව ඉකුත් 08 වැනිදා මෙම වැටලීම සිදු කර ඇත.කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගිය 49 හැවිරිදි අයෙකුවද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.මෙම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගොස් ඇත්තේ දංකොටුව පොලීසියට ආසන්නයේ ඇති නිවසක වීම විශේෂත්වයකි.

පොලිස් නිලධාරීන් විසින් වැටලීම සිදු කරන අවස්ථාවේදී නිවසේ හිමිකාර සැකකරු කසිප්පු නිෂ්පාදනය කිරීම සදහා සුදානම් වෙමින් සිට ඇත.එම ස්ථනයේ තිබී කසිප්පු නිෂ්පාදනය සදහා යොදා ගන්නා ගෝඩා අඩංගු ප්ලාස්ටික් සහ යකඩ බැරල් 10 ක්,තඹ දගර 01 ක්,ගෑස් ලිප් 01,ගෑස් ටැංකි 01 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුද,පොලිස් බාරයට ගෙන ඇති කසිප්පු නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජුඩ් සමන්ත


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට