මාස කීපයක සිට තම ගම්මාන වලට කඩා වදින වන අලින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොල් ඇතුළු වගාවන් රැසකට හානි කරන නමුත් එම සතුන් පලවා හැරීමට වන ජීවී නිලධාරීන් කටයුතු නොකරන බව ආරච්චිකට්ටුව ප්‍රදේශවාසීන් සදහන්
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මානාවේරිය, කරුක්කුලිය, අඩිප්පල,අඹකැලේ ඇතුළු අවට ගම්මාන වල ජනතාව මෙම වන අලි තර්ජනයට ලක්ව සිටී. දිවා කාලයේ කරුක්කුලිය වැවේ ඇති කැලෑවක ගත කරන මෙම වන අලින් රාත්‍රී කාලයේ ගම් වැදීම පුරුද්දක් කරගෙන සිටින බව ගම්වැසියන් සදහන්කරයි.තිදෙනෙකුගෙන් යුත් වන අලින් විසින් මේ වන විට ප්‍රදේශයේ පොල් ගස් විශාල ප්‍රමාණයක්ද ඊට අමතරව කෙසෙල් ඇතුළු අතුරු බෝග වගාවන්ටද හානි කර ඇති බවද ඔවුන් කියා සිටී.
මීට මාස 03 කට පමණ හලාවත - මුන්නේෂ්වරම ප්‍රදේශයට මේ වන අලි තිදෙනා ඇවිත් හිටියා.මුන්නේෂ්වරම ප්‍රදේශයේ පොල් ඇතුළු වගා බිම් රැසක් මේ සතුන් විසින් විනාශ කරලා තිබුණා.ඒ ප්‍රදේශයේ ජනතාව වන ජීවී නිලධාරීන්ට මේ ගැන කියලා තිබුණා.වන ජීවී නිලධාරීන් කළේ ඒ වන අලින් තිදෙනාව පන්නා ගෙන ඇවිත් අපේ ගමේ කොටු කරලා දාලා ගිය එකයි.ඒ සත්තු මේ වන විට අපේ වගාවන්විනාශ කරමින් ඉන්නවා.නමුත් වන ජීවී නිලධාරීන් කිසිම දෙයක් ගනන් ගන්නේ නෑ.
ඒ අයට කිව්වහම මුලින්ම කියන්නේ <b>එන්න වාහන නෑ කියන එකයි.කව්රු හරි වාහනයක් හොයලා දුන්නහම ඇවිල්ලත් කරන්නේ ටිකක් වෙලා ඉදලා අපිට අලි වෙඩි කීපයක් දීලා ආපසු යන එකයි.රාත්‍රී කාලයේ අපිට එළියට බහින්න බයයි.මොකද අලි කොතන ඉන්නවාද දන්නේ නැහැනේ.උදේට තමයි දකින්න තියෙන්නේ කරලා තියන විනාශය.....
අඩිප්පල ප්‍රදේශයේ ඇති පොල් වත්තක පාලයෙකු කියා සිටියේ මෙවන් කථාවක්.වත්තක තිබිය යුතු ප්‍රධානතම දේ තමයි ආරක්ෂාව.ඒ නිසා මේ හැම වත්තකම ලොකු ආරක්ෂක වැටක් ඉදිකර තිබෙනවා.ඒ සොර සතුරන්ගෙන් වගාවන් ආරක්ෂා කිරීම සදහා.නමුත් පසුගිය දින කීපය තුළ මේ වතු වලට කඩා වදින වන අලින් මුලින්ම කරන්නේ ආරක්ෂිත වැට කඩලා දාන එක.ගෙවී ගිය කාලයට මේ වත්තේ ආරක්ෂිත වැට අවස්ථා කීපයකදීම හදන්න අපිට සිද්ධ වුණා.අනිත් කාරණය වන්නේ මේ වන අලින් හානි කරන්නේ තරුණ වයසේ තියන පොල් ගස් වලට.ඇතැම් ගස් පෙරළලා දාලා.තවත් ගස්වළ ගොබය ඇදලා විනාශ කරලා.පොඩි පොල් පැල පාගලා කඩලා දානවා.මේ තත්ත්වය අනුව අපිට පොල් වගාවන් කරන්න බැරි වෙලා තියෙන්නේ.අනාගතයේදී අපේ රටේ පොල් හිගයක් නැවත පැමිණිය හොත් වන අලින් පලවා හරින්න කටයුතු නොකරන අය ඊට වග කියන්න ඕනේ.
සීතල කාමර වල සිට පිඹුරු පත් සකස් නොකර බිම් මට්ටමට බැහැලා ඇත්ත තත්ත්වය හොයලා බලන්න කියලා අපි වගකිව යුත්තන්ට කියනවා.ඉස්සර නම්අවුරුද්දකට වතාවත් විතර අලි ඇවිත් යනවා.ඒකට අපි මුකුත් කිව්වේ නෑ. නමුත් අද වෙන කොට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.අලි ඇවිත් අපේ ගම් වල අනවසරයෙන් පදිංචි වෙලා.ඒ නිසයි මේ විනාශ නවත්වලා දෙන්න කියලා අපි කියන්නේ.....
ජුඩ් සමන්ත