වන අලි මිනි ගැටුම හේතුවෙන් රටේ ආර්ථිකයට දැවැන්ත පහරක්එල්ල වී ඇති බැවින් එම ගැටළුවට තාවකාලික නොවන ස්ථීර විසදුමක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
පුත්තලම දිසා ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.
වන අලි සහ ඇතුන්ට හිතරකර පරිසරයක් නිර්මාණය කරමින් ඔවුන්වෙනුවෙන් පරිසරය සුපෝෂණ කිරීමේ ජාතික වැඩ සටහන ලබන 10 වෙනිදා පුත්තලම -තබ්බෝව වැව්රක්ෂිතයෙන් ආරම්භ කිරීමට නියමිත වැඩ සටහන පිළිබදව මාධ්‍ය දැණුවත් කිරීම සදමා මෙම හමුව සංවිධානය කර තිබුණි.
මෙහිදී අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන්ජයකොඩි මහතා මෙසේ පැවසීය.
පසුගිය කාලයේදී අලි මිනිස් ක්‍රියාකාරම් හේතුවෙන් වන අලින් 380 ක් සහ මිනිස් ජීවිත 150 ක් පමණ අපට අහිමිවී තිබෙනවා.සිදුවී ඇති දේපල හානිය අති විශාලයි.මෙම වන අලි - මිනිස් ගැටළුවට ප්‍රධානතම හේතුවන වී ඇත්තේ එම දෙපාර්ශවයම පොදු ඉඩම් පරිහරණය කිරීමත්,අසංවිධානාත්මක වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමත් බවට අපි හදුනා ගෙන තිබෙනවා.
ගම්වැදී සිටින වන අලින් නැවත වනාන්තර වලට පලවා හරන්න නම්ඊට පෙර කළ යුතු කටයුතු කීපයක් තිබෙනවා.පළමුව කළ යුත්තේ වන අලින්ව නැවත පදිංචි කිරීම සදහා යෝග්‍ය වන ප්‍රදේශයක් හදුනා ගැනීම.අනතුරුව එම ප්‍රදේශය ඔවුන්ට හිතතර වන ආකාරයට සකස් කළ යුතු වෙනවා.සාමාන්‍ය ආකාරයට වන අලියෙකුට දිනකට කිලෝ ග්‍රෑම් 150 ක පමණ ආහාර සහ ජලය ලීටර් 30 ක් පමණ අවශ්‍ය වන බව තමයි කියන්නේ.ඒ නිසා වන අලින් වනාන්තර තුළ නැවත පදිංචිකරන්නට පෙර ඒ
ප්‍රදේශ වල තිබෙන වැව් ප්‍රතිසංස්කරණය කළ යුතු වනවා.එමෙන්ම දැනට වනාන්තර සහ අවට
පැතිර ඇති කලපු අන්දර ඇතුළු තවත් ආක්‍රමණශීලී ශාඛ ඉවත් කිරීම සිදු කළ යුතු වනවා.
ලබන 10 වෙනිදා සිට 12 වෙනිදා දක්වා තබ්බෝවේදී සිදු වන්නේ අන්න ඒ කටයුත්තයි.මෙහිදී වන සංරක්ෂණ සහ වන ජීවී දෙපාර්තමේතු වලට අයත් රක්ෂිත වනාන්තර තුළ පිහිටා ඇති අබලන් වැව් කීපයක්ම පුනරුත්තාපනය කිරීමේ කටයුතු ආරම්භ කිරීම සිදු වනවා.කිලෝ මීටර් 370 ක් පමණ වන අලි වැටෙහි අබලන් ස්ථාන හදුනා ගෙන අළුත්වැඩියා කිරීමේ කටයුතුද මෙම වැඩ සටහනට අයත් වෙනවා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනට අනුව ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩ සටහනට පොලීසිය,ත්‍රිවිධ හමුදාව,සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම සාමාන්‍ය ජනතාවගේ සහායද ලබා ගැනීමට අපි බලාපොරොත්තු වනවා.
ඔක්තොම්බර් මස 10 වෙනිදා සිට 12 වැනිදා දක්වා පුත්තලම තබ්බෝව වැව් රක්ෂිතයේදී ආරම්භ කරන පරිසරය සුපෝෂණය කිරීමේ වැඩ සටහන ඉදිරියේදී රටපුරාම ක්‍රියාත්මක කිරීමෙන් වන අලි - මිනිස් ගැටුම අවම කිරීමටයි රජය බලාපොරොත්තු
වී සිටින්නේ.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයාන් ජානක,අජිත් ගිහාන්, මොහොමඩ් ෆයිසාල්,පුත්තලම දිසා ලේකම් වයි.අයි.එම්.සිල්වා, පුත්තලම දිස්ත්‍රික්ක වන ජීවී සහකාර අධ්‍යක්ෂක එරන්ද ගමගේ,පුත්තලම දිසා වන නිලධාරී
කමල් තෙන්නතෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියේය.
ජුඩ් සමන්ත හලාවත