මෙරට වැව් සහ ජලාශ ආක්‍රමණය කර ඇති ජපන් ජබර ඇතුළු ජලජ ශාඛ පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව ඇති යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට මහවැව - කොස්වාඩියේ පදිංචි තරුණයෙකු සමත් වී ඇත.
වෘත්තියෙන් පා පැදි අළුත් වැඩියා කරන්නෙකු වන ඔහු ශශිල හේෂාන්දිසානායක ( අවු:31 ) ය.
යතුරු පැදියක ඇන්ජිම සහ තවත් කොටස් කීපයක් ප්‍රයෝජනයට ගනිමින්නව යන්ත්‍රය නිෂ්පාදනය කිරීමට ශශිල සමත් වී ඇත.
තමන් විසින් නිෂ්පාදනය කරන ලද යන්ත්‍රය පිළිබදව ශශිල හේෂාන් දිසානායක අප සමග අදහස් දක්වා සිටියේය.
අපේ ගමේ තියන වැවේ සැල්වීනියා (ජපන් ජබර) ඇතුළු තවත් ශාඛ විශාල ප්‍රමාණයක් පැතිරිලා තිබුණා.මේ ශාඛ ඉවත් කරන්න රජයෙන් හෝ වෙනත් කිසිදු සංවිධානයකින් අපිට සහායක් ලැබුනේ නෑ.ඒ නිසා ගමේ අය මාස කීපයක් ස්වෙච්ඡාවෙන් එකතු වෙලා වැව පිරිසිදු කලා.ඒත් ප්‍රමාණවත් තරම් ප්‍රතිඵලයක් ගන්න හැකියාවක් ලැබුනේ නෑ.ඒ වෙලාවේ තමයි මට හිතුනේ වැව් වල තියන ජලජ ශාඛ ඉවත් කරන්න යන්ත්‍රයක් හැදුවොත්හොදයි කියලා.
මගේ හිතවත් මල්ලි කෙනෙක් යතුරු පැදි ඇන්ජිමක් සහ අමතර කොටස් කීපයක් දුන්නා.පුංචි වල්ලම්දෙකක් තවත්කෙනෙකුගෙන් ඉල්ලා ගත්තා.ඊට පස්සේ ගමේ අයගේ සහායෙන් මම යන්ත්‍රය හැදුවා.මේ යන්ත්‍රය උපයෝගී කරගෙන පැයකට ජලජ ශාඛ කියුබ් 03 ක් විතර ඉවත් කරන්න පුළුවන්.මේ යන්ත්‍රය තවත් වැඩි දියුණූ කළහොත් මීට වඩා කාර්යක්ෂමව ජලජ ශාඛ ඉවත් කරන්න හැකියාව තිබෙන මට විශ්වාසයි.
දිනපතා උදේ 7.00 සිට 9.00 වගේ කාලයක් මම මහවැව වැවේ ජලජ ශාඛ ඉවත් කිරීම සිදු කරනවා.මොකද ජීවත් වෙන්න පා පැදි හදන්න තියන නිසා දවසේ අනිත්වේලාව වෙන් කරන්න අමාරුයි.අනික තමයි යතුරු පැදි ඇන්ජිමකින් යන්ත්‍රය ක්‍රියාත්මක වන නිසා ඉන්ධන වලට වැයවන්නෙත් ඉතාමත්ම සුළු මුදලක්.
මහවැව වැව් කමිටුවේ සභාපති චින්තක විජයසිරි මහතා මෙසේ පැවසීය.
මාස 04 ක විතර කාලයක් ගමේ අය එකතු වෙලා වැව් පිරිසිදු කලා.ඒත් වැඩේ අවසන් කරන්න හැකියාව ලැබුනේ නෑ.ඔය අතර තුර තමයි ගමේ තරුණයෙක් මේ යන්ත්‍රය හදන්න පටන් ගත්තේ.අපි ඒ සදහා උදව් කලා.මුලින්ම මේ යන්ත්‍රය වැවට දාන්න බැරිව ගියා.මොකද යන්ත්‍රයේ ඇන්ජිම සවි කරලා තියන පැත්ත බර වැඩි නිසා.පසුව මේ තරුණයා ඒකටත් පිළියමක් යොදා ගෙන වැඩේ සාර්ථකව සිදු කලා.
දැන් අපි සෑම කෙනෙකුම එකතු වෙලා කරන්න ඕනේ මේ යන්ත්‍රය වැඩි දියුණු කරන්න කටයුතු කරන එකයි.මේ සම්බන්ධයෙන් දැණුමක් තියන විශේෂඥයින් ඇවිත්යන්ත්‍රය බලලා,අඩු පාඩු සකස් කරලා වැඩි දියුණු කළහොත් රටේම තියන වැව් ටික පිරිසිදු කරන්න අපිට හැකියාව තියනවා.අවශ්‍ය වෙන්නේ සහාය පමණයි.
ජුඩ් සමන්ත හලාවත