නිධානයක් ගොඩ දැමීමට අවශ්‍ය බව පවසා රුපියල් 21,25,000 ක් වටිනා රන් ආභරණ සොරකම් කළ බව කියන තිදෙනෙකුව මෙම මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ආණමඩුව මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.
මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේබිංගිරිය - ඌරාපොත්ත පදිංචිකරුවන් තිදෙනෙකුවය.රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අය අතර මවක් සහ දියණියක්ද සිටී.
ආඩිගම - ගල්වල පදිංචිකාරියක් වන රාසදොරේගේ රාජේෂ්වරී (අවු:45) යන අය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව සැකකාරියන් දෙදෙනා සහ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
තමන්ට අයත් ආඩිගම - කජුවත්ත ප්‍රදේශයේ ඇති නිවස කුලී පදනම මත කාන්තාවක් විසින් ලබා ගත් බවත්,පසුගිය දිනක එම කාන්තාව තමන් හා පවසා සිටියේ අදාල නිවස ඇති ඉඩමේ නිධානයක් තිබෙන බවයයි පැමිණිළිකාරිය පොලීසියට පවසා ඇත.එම නිධානය ගොඩ ගැනීමට නම් නිවසේ හිමිකාරියට අයත් රන් ආභරණ එම ගෙවත්තේ වළ දැමිය යුතු බවත්, එසේ නොකරන්නේ නම් පවුලේ කිසියම් අයෙකු මිය යන බවද එම තැනැත්තිය පැමිණිළිකාරියට පවසා ඇත. ඒ අනුව තමන් සතුව තිබූ රුපියල් 21,25,000 ක් වටිනා රන්ආ භරණ පසුගිය මස 04 වැනිදා තමන් විසින් සැකකාරියට ලබා දුන් බවත්,එම රන් ආභරණ සුදු
රෙද්දක ඔතා වල දැමූ සැකකාරිය පැමිණිළිකාරියට පවසා ඇත්තේ නිධානය ලබා ගන්නා තුරු රන්ආභරණ ගොඩ දැමීමක් කළ හොත් නිවසේ කිසියම් අයෙකු මිය යන බවද සැකකාරිය පැමිණිකාරියට පවසා ඇත.රන් ආභරණ වළ දැමූ දිනෙන් පසුව සැකකාරිය සහ එහි සිටි ඇයගේ දියණිය නිවසින්අතුරුදහන්වී ඇත.
ඉකුත් 04 වැනිදා රන් ආභරණ ගොඩ ගැනීමට කටයුතු කළ බවත්,එම රන් ආභරණ ඔතා තිබූ රෙදි කඩ විවෘත කළ විට එහි තිබූනේ සුරයක්,කඹ තහඩුවක් සහ ඉමිටේෂන්වළළු දෙකක් පමණක් බවද පැමිණිළිකාරිය පොලීසියට පවසා ඇත.
එම පැමිණිල්ල අනුව ප්‍රධාන සැකකාරියද,ඇයගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.නමුත් සැකකාරිය විසින්වංචා කරන ලද රන් ආභරණ සොයා ගැනීමට නොහැකි වී ඇත.
පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ කර ගෙන යයි.