Sri Lanka
මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න පොලිසියෙන් දුරකථන අංක කිහිපයක් හදුන්වා දෙයි.
2025-10-03 10:40 PM
දිවයින පුරා ව්‍යාප්ත වී ඇති හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට සෘජුව තොරතුරු දැනුම් දීම සඳහා පොලිස් මූලස්ථානය විසින් අද (2025.10.03) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් දුරකථන අංක සමූහයක් හඳුන්වා දී තිබෙනවා.

මීට පෙර, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකථන අංක මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර, එම අංකවලට අමතරව දැන් එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ සිටින දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ දුරකථන අංක වෙතද මහජනතාවට තොරතුරු ලබා දීමේ හැකියාව පවතින්වා.

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා පුරවැසියන් වශයෙන් මහජනතාව ලබා දෙන සහාය ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉතා අගය කරනු ලබන බවත්, එසේ ලබා දෙන්නා වූ සියලු තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දැනුම් දී සිටිනවා.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට