Sri Lanka
අම්බලාව පෙර පාසලේ නිර්මාණ දැක්ම
2025-10-03 08:31 PM
මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කලාපයට අයත් අම්බුළුවාවට පහතින් ඇති අම්බලාව Drem ලෝටස් පෙර පාසලේ දරුවන්ගේ නිර්මාණ දැක්මක් අද 03 අම්බලාව ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේදි පැවැත්වුනා මෙම ප්‍රදර්ශනය 04 වැනි දිනද පැවැත්විමට නියමිතව පවති.
මෙය නම් කර තිබුණේ 2025 ලෝක ළමා දිනයට සමගාමිව දෙමාපියන්ගේ සහ දරුවන්ගේ අත්කම් දැක්ම යනුවෙනි. ලස්සන කදු මුදුනක පිහිටි මෙම පෙර පාසල 2005 දි ආරම්භ කර ඇති අතර මේ වන විට දරුවන් 15 දෙනෙකු ඉගෙනුම ලබනවා. මෙම පෙර පාසලේ තවත් විශේෂත්වයක් වෙනුවෙන් සිංහල මාධ්‍ය පෙර පාසලක් වුවත් දමිල දරුවන්ද පෙර පාසලේ අධ්‍යාපනය ලැබිමට පැමිණිමයි.
තවද ආර්ථික අපහසුතා ඇති දරුවන් කිහිප දෙනෙක්ම පෙර පාසලට පැමිණියත් ඔවුන්ගෙන් මාසිකව හෝ වාර්ෂිකව මුදලක් අය නොකිරිමද තවත් ලක්ෂණයකි.
Drem ලෝටස් පෙර පාසල දැනට වසර 15 කට වැඩි කාලයක් පවත්වාගෙන එන්නේ එම්.ජී.නදීකා එදිරිසුරිය වන අතර ඇය දැනට මනෝවිද්‍යා ඩිප්ලෝමක් හිමි පෙර පාසල් ආචාර්යවරියකි. දරුවන් හැසිරිමට මනා හැකියාවක් කුසලතාවක් ඇති ඇය පෙර පාසලේ රාත්‍රී කඳවුරක්ද පවත්වමින් දරුවන්ට විශේෂ අත්දැකිමක් ලබා දිමට කටයුතු කර සහ ඉන් පසුව දිවයිනේ රාත්‍රී පෙර පාසල් කඳවුරු පවත්වන්නට එහි විශේෂතා ඉදිරිපත් කරන්නටද ඇයට අවස්ථාව උදා විය.
දැනට මෙම පෙර පාසලේ සහාය පාලිකාව ලෙස කටයුතු කරන්නේ දමුදි පේෂලාය.
සටහන ජායාරූප සමන් විජය බණ්ඩාර
Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට