Sri Lanka
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය යයි.
40 | 2025-10-02 03:58 PM
වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව ආණමඩුව පොලීසිය සදහන් කරයි.

02 වැනිදා අළුයම් කාලයේ ආණමඩුව - සියඹලාගස්හේන පාසල පිටුපස ප්‍රදේශයේදී මෙම වන අලි ප්‍රහාරය සිදුවී ඇත.

වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ ආණමඩුව -සියඹලාගස්හේන පදිංචිකරුවෙකු වන හෙට්ටිපතිරැන්නැහැලාගේ නයිදෙහාමිගේ රම්බණ්ඩා (අවු:66) නම් අයෙකි.

තම සැමියා වන අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව මරණකරුගේ බිරිද විසින් ආණමඩුව පොලීසියට පැමිණිළි කරමින් සදහන් කර ඇත.

මිය ගොස් ඇති අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ආණමඩුව දිසා රෝහලට රැගෙන ගොස් ඇත.

වන අලින් ගම්වැදීම හේතුවෙන් ආණමඩුව ප්‍රදේශයේ ගම්මාන කීපයක ජනතාව කාලයක සිට ගැටළු රැසකට මුහුණ දී සිටී.විශේෂයෙන්ම සියඹලාගස්හේන ඇතුළු

අවට ගම්මාන වල රාත්‍රී කාලයේදී මෙන්ම දිවා කාලයේදීත් වන අලින් ගැවසෙන බව ප්‍රදේශවාසීන්කියයි.ගම් වැදී සිටින මෙම වන අලින් පලවා හැරීම සදහා වත්මන් රජය මෙන්ම පසුගිය රජයන්ද අවස්ථා කීපයකදී උත්සාහ කළේය.නමුත් ක්‍රමවත් වැඩ පිළිවෙලක් නොමැති කම නිසා එම උත්සාහායන් අසාර්ථක වූ බව වන අලින් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව සදහන්
කරයි.

ජුඩ් සමන්ත හලාවත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්