සා.පෙළ විභාගය සමත් වුවද, අසමත් වුවද, උසස් පෙළ අධ්‍යාපනයක් හරහා වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීමට අවස්ථාවක් සෑදීමේ අරමුණින් ක්‍රියාත්මක උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා දැන් අයදුම්පත් භාර ගැනීම ආරම්භ වී තිබේ.
මෙම විෂය ධාරාව හරහා 12 ශ්‍රේණියෙන් පසුව ජාතික වෘත්තීය සුදුසුකම් ( NVQ ) මට්ටම 4 දක්වා වෘත්තීය පුහුණු පාඨමාලාක් පුරනය කිරීමේ හැකියාව උදාවන අතර, සිසුන්ට 28ක් දක්වා විවිධ විෂයන් අතරින් තම කැමැත්තට අනුව තේරීමක් කළ හැකියි.
පිවිසිය හැක්කේ කාටද?
● සා.පෙළ සමත් හෝ අසමත් ඕනෑම සිසුවෙකුට.
● 2023, 2022, 2021 වැනි වසරවල සා.පෙළ විභාගයට පැමිණි සියලුම සිසුන්ට.
● වයස් සීමාවක් නොමැත.
පාඨමාලා 28ක් මෙසේය
(තෝරා ගත හැකි විෂය ක්ෂේත්‍ර)
ළමා මනෝ විද්‍යාව හා ආරක්ෂණය
සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය
ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා
ප්‍රාසංගික කලාව
කාර්ය සිද්ධි කළමනාකරණය
ශිල්ප කලා
අභ්‍යන්තර නිර්මාණකරණය (Iබඑැරiදර ෘැිiටබiබට)
විලාසිතා නිර්මාණකරණය (ත්‍්ියiදබ ෘැිiටබiබට)
ග්‍රැෆික් නිර්මාණකරණය
සංචරණය හා ආගන්තුක සත්කාර
භූ දර්ශන නිර්මාණකරණය (ඛ්බාිජ්චiබට)
ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය
පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය
වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය
මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය
විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය
පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය
ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය
ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය
කලාව හා පිරිසැකසුම්කරණය
පාරිසරික අධ්‍යයනය
පරිගණක, දෘඪාංග හා ජාලකරණය
නිමැවුම්කරණය
විකිණුම් හා අලෙවිකරණය
සැපයුම් කළමනාකරණය
පාසල් 608කින් දිවයින පුරා ඉගැන්වීම්
● ඔබේ දිස්ත්‍රික්කයට අදාළ පාසල් සහ දුරකතන අංක බලන්න:
මෙතැන ක්ලික් කරන්න
අයදුම් කිරීමට ඔබ කළ යුත්තේ:
1. ඔබට පහසු පාසලක් තෝරාගන්න.
2. ඒ පාසල වෙත අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න.
3. අවසන් දිනයක් සදහන් නැත
4. තවත් විස්තර සඳහා ඇමතිය හැක:
011 2786136 / 011 2786746
මේ සමඟ අමුණා ඇති පාසල් ලේඛනය සහ 12 ශ්‍රේණියට ඇතුළත් වීමේ අයදුම්පත පහත සබැඳිය ඔස්සේ ද බාගත කරගත හැක.
https://moe.gov.lk/2025/05/37984/