Sri Lanka
ගෙවල් වලට පැන්න හොරා අල්ලා පොලිසිය භාර දෙයි
2025-10-01 08:26 PM
රාත්‍රී කාලයේ නිවෙස් වලට හොර රහසේ ඇතුළු වී විවිධ දෑසොරකම් කළ බව කියන පුද්ගලයෙකුව අල්ලා ගෙන පොලීසියට බාර දීමට වෙන්නප්පුව - නයිනමඩම ප්‍රදේශයේ පිරිසක් සමත් වී ඇත.

ඉකුත් 30 වැනිදා සවස මෙම පුද්ගලයාව අල්ලා ගෙන ඇත.

ගම්වාසීන් විසින් අල්ලා ගෙන වෙන්නප්පුව පොලීසියට බාර දී ඇත්තේ මාතර,පුහුල්වැව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකුවය.

පසුගිය සති කීපයක කාලක් වෙන්නප්පුව ප්‍රදේශයේ නිවාස කීපයකට රාත්‍රී කාලයේ පුද්ගලයෙකු ඇතුළු විවිධ දෑ සොරකම් කිරීම් සිදු කර ඇත.එම පුද්ගලයා නිවාස වලට ඇතුළ වන ආකාරය දැක්වෙන ආකාරය ආරක්ෂිත කැමරා වල සටහන් වී ඇති දර්ශණ පෙළක්ද ප්‍රදේශවාසීන් විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි.සැකකරුගේ එම ක්‍රියාව හේතුවෙන් ප්‍රදේශ වාසීන් දැඩි බියකින් පසුගිය කාලය පුරා ගත කර ඇත.

ඉකුත් 30 වැනිදා වෙන්නප්පුව - නයිනමඩම ප්‍රදේශයේ තරුණයින් පිරිසක් එම වීඩියෝ දර්ශණ නරඹමින් සිටින විට සැකකරු මහ මග ගමන් කරමින් සිට ඇත.ඒ අනුව සැකකරුව හදුනා ගෙන ඇති ගම්වාසීන් ඔහුව අල්ලා ගෙන වෙන්නප්පුව පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.

තමන් දැඩි ලෙස අයිස් මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින අයෙකු බව සැකකරු පොලීසියට පවසා ඇත.නමුත් සැකකරු විසින්සො රකම් කරන ලද කිසිදු දෙයක් සොයා ගැනීමට හැකිවී නැත.

සැකකරු ආරක්ෂත තාප්ප වලින් ඇතුළු වී ලොකු වටිනාකමක් ඇති දෑ සොරකම් කර නොතිබීම නිසා කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි කර නැත.නමුත් සැකකරුගේ එම ක්‍රියාව නිසා දරුවන් දැඩි බියට පත්ව සිටින බව පමණක්පො ලීසියට දැණුම් දීමට කටයුතු කර තිබී ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජුඩ් සමන්ත

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට