Sri Lanka
කේරල ගංජා කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 200 ක් සමග සැකකරුවෙකු පුත්තලමෙන් අල්ලයි
2025-10-01 08:21 PM
කේරල ගංජා කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 200 ක් සමග සැකකරුවෙකුව පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මදුරන්කුලිය පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.

ඉකුත් 30 වැනිදා රාත්‍රී11.30 ට පමණ මදුරන්කුලිය - පත්තායම හන්දියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

කේරල ගංජා සමග මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය - ජින්නාවත්ත පදිංචි 32 හැවිරිදි අයෙකුවය.

සැකකරු පිටස්තර ප්‍රදේශ වලින් කේරල ගංජා ගෙනවිත් ඔහු පදිංචි ගම්මාන අවට බෙදා හරින අයෙකු බවට පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබී ඇත.ඒ් සිදු කරන ලද අවේක්ෂණ කටයුතු වලින් අනතුරුව කේරල ගංජා සමග සැකකරුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරු සහ ඔහු සන්තකයේ තිබී තම බාරයට ගෙන ඇති කේරල ගංජා තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සදහා මදුරන්කුලිය පොලීසියට බාර දීමට පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කටයුතු කර ඇත.

සැකකරු සහ ඔහු සතුව තිබූ කේරල ගංජා තොගය පුත්තලම මහේස්ත්‍රාත්අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට