Sri Lanka
රුපියල් 300 ගිය මුරුංගා කිලෝ ග්‍රෑම් එක හතලිහට බසි.
2025-10-01 08:14 PM
ගෙවී ගිය කාලය තුළ ඉහළ මිලකට අලවි වූ මුරුංගා මේ දිනවල කිසිදු ව්‍යාපාරියෙකු මිලදී නොගන්නා තත්ත්වයකට පත්ව ඇති බව කරුවලගස්වැව ප්‍රදේශයේ ගොවීන් සදහන් කරයි.


පසුගිය කාලයේ මුරුංගා කිලෝ ග්‍රෑම් 01 ක් ගොවිපලේදී රුපියල් 300 ක පමණ මුදලකට අලවි වූ බවත්,අස්වැන්න ඇති කාලයේදී අවම වශයෙන් කිලෝ ග්‍රෑම් 01 කට රුපියල් 40 ක මුදලක් වත් ලැබුණු බව ගොවීන් සදහන් කරයි.නමුත් මේ දිනවල ඉහළ අස්වැන්නක් ලැබීම හේතුවෙන් ව්‍යාපාරිකයින් මුරුංගා මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන බවද ගොවීන් කියා සිටී.

කරුවලගස්වැව සහ අවට ගම්මාන වල ඇතැම් ගොවීන් ව්‍යාපාරයක්ලෙස මුරංගා වගා කර ඇති බවක්ද දක්නට ඇත.

ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට