Sri Lanka
පළාත් දෙකක මායිමේ කදු මුදුනේ පිහිටි පාසලේ ළමා දින සැමරුම
218 | 2025-10-01 05:46 PM
දිස්ත්‍රීක් දෙකක දරුවෝ පාසල් යන ප්‍රදේශයේ දුෂ්කරතම පාසලක අද ළමා දින සැමරුම වෙනස්ම විදිහේ අත්දැකිමක් ලබා දිමට එම පාසලේ ගුරු මණ්ඩලය අද දිනයේ කටයුතු කර තිබුණා.
ඒ සඳහා වියදම් වන මුදල් පවා මෙම ගුරුවරුන් දැරිමද මෙහි ඇති විශේෂත්වය වනවා. මෙම පාසල සබරගමුව සහ මධ්‍යම පළාතේ කදු කර ප්‍රදේශයක මායිමේ පිහිටා ඇති අතර පාසලේ නම වන්නේ කෑ/මාව පුහුල්හේන ප්‍රාථමික විද්‍යාලයයි.
ළමා දිනය වෙනුවෙන් මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යලයෙන් සහ හෙම්මාතගම පොලිසියේ නිලධාරීන් පැමිණ දරුවන්ට දෙමාපියන්ට වටිනා දේශන කිහිපයක් පැවැත්වු අතර දරුවන් සතුටු කිරීම සඳහා ඔවුන් ගීත පවා ගායනා කරන්නට විය. එමෙන්ම දහවල් දරුවන්ට තිරයක් යොදා ගෙන චිත්‍රපටියක්ද ප්‍රදර්ශනය කර අතර දිවා ආහාර වේලක්ද ගුරු මණ්ඩලයේ මුල්‍ය දායකත්වයෙන් ලබා දුන්නාය.
මේ පාසලට පැමිණෙන ගුරුවරුන් හෙම්මාතගම නගරයේ සිට කිලෝමිටර් 6 ක පමණ දුරක් කදු සහිත මාර්ගයකින් ගමන් කර පාසල වෙත පැමිණෙන අතර එක් බසයක් පමණක් ප්‍රවාහන කටයුතු සිදු කරයි. තවද බස් රථය නොමැති වුවහොත් පා ගමනින් හෝ ත්‍රීවිල් රථයකින් පාසල වෙත පැමිණිය යුතුව ඇත.
දැනට මෙම පාසලේ දරුවන් 28 ක් ඉගෙනුම ලබන අතර එයින් පිරිමි දරුවන් 17 දෙනෙක් ද ගැහැණු දරුවන් 11 වේ. ගුරුවරුන් විදුහල්පතිතුමිය සමග 7 දෙනෙකි. බොහෝ අග හිගකම් ඇති මෙම පාසට ගොඩ විමට ඇති පඩි පෙල පවා ගැලවි ඇති අතර මෙ සියලු දරුවන්ට ඉගෙන ගැනිමට එක් ශාලාවක පන්ති කාමර බෙදා ඇත.
වැඩි වශයෙන් මෙම පාසලට දරුවන් එවන්නේ ආර්ථික දුෂ්කරතා ඇති දෙමාපියන් වන අතර විදුහල්පතිනිය පැවසුයේ දරුවන් කිහිප දෙනෙකුගේ උප්පැන්න සහතික නොතිබුණු අතර ඒවාද ඇය මැදිහත් වි සකසා දුන්නේ ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය වන නිසාය.
මෙම දරුවන්ට සමහර අවස්ථාවන් වලදි ඇති හැකි අය උදව් උපකාරයන් කලත් දරුවන්ගේ සෙල්ලම් මිදුලට අවශ්‍ය උපකරණ සහ ක්‍රීඩා උපකරණද පාසලට නොමැත. දරුවන්ගේ අධ්‍යපානයට ස්මාට් බොඩ් හෝ පරිඝනක්ද මෙහි නොහැති අතර එවැනි අග හිග කම් තිබුණත් මෙම පාසලෙන් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් දරුවන්ද බිහි කර ඇත.
2024 වසරේ දරුවන් 6 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිට එයින් දරුවන් දෙදෙනෙක් කඩඉම් ලකුණු පසු කර විභාගය සමත් වි ඇති අතර 2025 වසරේ ද විභාගයට පෙනි සිටි දරුවන් සියලු දෙනා ලකුණු 70 වට වඩා ඉහලින් ලකුණු ලබා ගෙන තිබුණි. මෙම පාසලේ ඉතිහාසයද ඉතා දිගු වන අතර 1959 ජුලි 8 වන දින පාසලක් ලෙස ආරම්භ කර ඇති අතර දරුවන් 104 ක් අධ්‍යාපනය ලැබු බවත් එය පොල්අතු පැලක පාසල වසර කිහිපයක් පවත්වාගෙන ගොස් පසුව 1960 පමණ කාලයේ රජයේ පාසලක් ලෙස ආරම්භ වි ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වන ලද විදුහල්පතිනිය වන එම්.ජී.ටි.එම්.ප්‍රියංකා මහත්මිය මෙසේ පැවසීය.
මේ පාසල සබරගමු කෙළවරේ තමයි පිහිටා තියෙන්නේ පාසලට මේ පාරත් දරුවෝ කිහිප දෙනෙක් මධ්‍යම පළාතෙන් පවා එනවා. එන බොහෝ දෙනෙක් මේ සිමාවේ ඉන්න ආර්ථික අපහසුතා ඇති දරුවන්ගේ දෙමාපියන්. අපිට දැනට අඩුපාඩු හැටියට තියෙන්නේ ක්‍රීඩා පිටියේ තිබෙන අගහිගකම් සහ ක්‍රීඩා කටයුතු කරන්න අවශ්‍ය උපකරණ නොමැතිකම වාගේ තාක්ෂණික උපාංග නැහැ. ගුරුවරුන් ඒවා සොයා ගෙන ඇවිත් තමයි දැනට එම කටයුතු සිදු කරන්නේ යැයිද පැවසීය.
අද දිනයේ ළමා දිනය වෙනුවෙන් ඉතා හොඳ වැඩසටහන් කිහිපයක්ම අපිට සංවිධානය කර ගැනීමට හැකි වුනා. ගුරුවරුන්ද සිය මුල්‍ය දායක්තව ලබා දිලා සමහර කටයුතු කලේ සතුටින්. ඒ නිසා මේ පාසල දියුණු කර ගත්තොත් එක ප්‍රදේශයට සම්පතක් වන බවයි එතුමිය පවසා සිටියේ.

සටහන ජායාරූප විඩියෝ සමන් විජය බණ්ඩාර
Facebook හරහා කියවන්න

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්