2024 වසරේ පැවති 5 වන ශිෂ්‍යත්ව විභාගය සමත් අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපාකාර සකසුරුවම් හා ණය දෙන සමිතියේ සාමාජිකයින් 58 දෙනෙකුගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගියදා හලාවත ආනන්ද ජාතික පාසලේදී සිදු කරන ලදි.
මෙසේ ශිෂ්‍යත්ව හිමිවුනේ පුත්තලම දිස්ත්‍රික්කය තුළ සේවය කරන අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමපුකාර සකසුරුවම් හා ණය දෙන සමිතියේ සාමාජිකයින්ගේ දරුවන් 58 දෙනෙකුටය.
අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමපුකාර සකසුරුවම් හා ණය දෙන සමිතියේ වයඹ පළාත් අධ්‍යක්ෂක මනාහාම ගුණසේන මහතා විසින් පිරිනමන ලද ආකාරය ඡායාරූපයේ වේ. මෙම අවස්ථාවට අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපාකාර සකසුරුවම් හා ණය දෙන සමිතියේ පුත්තලම කාර්යාලයේ අධ්‍යක්ෂකවරුන් ප්‍රදේශයේ විදුහල්පතිවරුන් සහ සාමාජික සාමාජිකාවන්ද සහභාගි වී සිටියේය.
ජුඩ් සමන්ත